IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රජය ණයවීම නතර වී නෑ

(සුජිත් හේවාජුලිගේ )

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයිප්‍රකාශයට පත්කර තිබියදී රජය පසුගිය මාස එක හමාරක කාලය ඇතුළත( ජනවාරි සිට පෙබරවාරි 15 දක්වා) රුපියල් කෝටි එක්ලක්ෂ තුන් දහස් තුන්සිය හැත්තෑ හතක( බිලියන1033) ණය මුදලක් භාණ්ඩාගාර බිල්පත් සහ තිළිණපත් මගින් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ණය ගැනීම සම්පූර්ණයෙන්ම නවතා වියදම ජනතාව මත පනවන බදු මගින් උපයා ගන්නා බව ප්‍රකාශ කර එසේ අසීමිත බදු අය කරන අතරේම මේ ආකාරයට කෙටි කලක් තුළ විශාල ණය මුදලක් ලබා ගැනීම ප්‍රහේලිකාවක් බව පවසන මහාචාර්යවරයා විවිධ ක්‍රම මඟින් රටට ණය ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නවතන බවටද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙයට පෙර ප්‍රකාශ කර තිබුණේ යැයි ප්‍රකාශ කළේය.

වසරේ මුල් මාස එකහමාර තුළ ලබාගෙන ඇති මෙම ණය මුදලින් රුපියල් කෝටි 81,274ක් ( බිලියන 812)ලබාගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් මගිනි. ඉතිරි කෝටි 22103 (බිලියන 221) භාණ්ඩාගාර බැඳුම්කර වලින් ලබාගෙන ඇතැයි අතුකෝරල මහතා කීවේය.

සමහර බිල්පත්වලින් පළමු අදියර යටතේ කෝටි 57,112 ද දෙවැනි අදියර යටතේ කෝටි 24161ක්ද ලබාගෙන ඇති බව මහ බැංකු වාර්තා අනුව පෙනී පෙනීයන්නේ යැයි පවසන මහාචාර්යවරයා රජය ජනතාව මත විශාල බදු බරක් පටවමින් ආදායම වැඩි කර ගන්නා අතරේම දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් ඉහළ පොළී අනුපාත යටතේ තවදුරටත් ණය ගන්නා බවද ප්‍රකාශ කළේය.

මේ ආකාරයට රජයේ පිස්කල් ප්‍රතිපත්තිය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 



අදහස් (1)

රජය ණයවීම නතර වී නෑ

Asanga Monday, 20 February 2023 08:52 AM

අන්තිමට භාණ්ඩාගාරය හිස් කියයි .හොරකමේ කප්පිත්තා විතරයි වෙනස් උනේ .මුන් ඔක්කොම කාබාසිනියා හැතිකරයක් .රටට් හෙනගැහුවත් තමාගේ බලයේ රැදී සිටීමයි මේ නාකි රිලවු ටික කරන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site