IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රාජ්‍ය කඨින උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහ මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී අද  පැවැත්විණ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය බව ජනාධිපති කාර්යාලය පවසයි.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා පඬු පෙවීමෙන් පසු සාංඝික කිරීම පෙර රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

කඨින චීවරය පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබීය.

පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට අනතුරුව පූජා කළේය.

දහවල් දානය පිළිගැන්වීමද ජනාධිපතිවරයා සහ මැති ඇමැතිවරුන් අතින් සිදු කෙරිණ.

 

 

 



අදහස් (7)

රාජ්‍ය කඨින උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

පිටිගල මිලානෝ Sunday, 14 November 2021 07:54 PM

මොනවා වුණත් දැන් නම් රට බංකොළොත්...

:       6       34

Raveen Sunday, 14 November 2021 09:51 PM

වැදි බණ කියන කැකිල්ලේ රජවරු... මිනිස්සුන්ට එක්රැස් වෙන්න එපා කියකියා මේ මිනිස්සු මෙහෙම කරද්දී කවුද කොරෝනා ගැන හිතන්නේ...? ආගමත් තමන්ගේ වාසියට ගන්නවා...

:       5       34

සුරලොව ඇල්මන්Monday, 15 November 2021 06:39 AM

රටේම ජනතාව කන්න බොන්න නැතුව දුක් විදිද්දී ඒගැන කියන පිරිස් වලට භාධක යොදාගෙන රටටම වින කටින පිරිසක් කරන කඨින පිංකම ශෝබනයක් පමණි.

:       0       0

ලුම්බිණි Monday, 15 November 2021 09:17 AM

මේවා කරලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ නේද?

:       0       3

Hafeel Monday, 15 November 2021 09:47 AM

හා දයාසිරිත් ඉන්නවා...

:       0       2

Saman Monday, 15 November 2021 10:30 AM

ඔහොම කටින චීවරයක් පූජා කරන්න, බණකට එහෙයි කියන්ඩ, සාදු කාරයක් දෙන වැඩ තමා ඔය ගොය්යට පුළුවන්. රටක් පාලනය කරන්න, ආර්ථිකේ හසුරුවන්ඩ, අඩුම තරමේ දුර දිග බලලා රිවස් නොවෙන ගැසට් එකක් ගහගන්ඩ වත් බෑ.

:       0       4

sharm warn Monday, 15 November 2021 01:32 PM

ඉස්සෙල්ලා කඨින චීවරේ... පස්සේ කුලපතිකමක්.. එහෙමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site