IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රජයේ උපදෙස් නොසලකා පළාත් සභාවල හිතුමතේට වැඩ

(දයාසීලි ලියනගේ)

රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත.

ඇතැම් ආණ්ඩුකාරවරුන්ගේ හිතවත්කම් මත විශ්‍රාමික නිළධාරීන් මෙලෙස සේවයට  යොදවා ඇති අතර මොවුන් විශ්‍රාම වැටුපට අමතරව මෙම තනතුරු වලින් තවත් දීමනාවක් ලබන බව පෙන්වා දෙයි.

උදාහරණයක් ලෙසට බස්නාහිර පළාතේ විශ්‍රාම ගිය නිලධාරීන් දසදෙනෙක් නාගරික කොමසාරිස් තනතුරුවලට පත්කර ඇති බව අනාවරණය වී ඇත.

රටේ පවතින ආර්ථික අර්බුදතා හමුවේ වියදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසට  නියම කර තිබියදී මෙලෙස විශ්‍රාම ගිය නිලධාරීන්ට තවත් වැටුපක් ලබා දෙමින් සේවයට යොදවා තිබීම පිළිබඳව මුදල්අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු බවට විගණන අංශ පෙන්වා දී ඇත.

 



අදහස් (4)

රජයේ උපදෙස් නොසලකා පළාත් සභාවල හිතුමතේට වැඩ

චමින්ද Sunday, 30 October 2022 07:53 AM

බලන්නකෝ පළාත් සභා වෙබ්සයිඩ් වලට ගියාම ඔවුන් ඉන්නේ වෙනම රජයන් වගේ කියලා පේනවා. මේවා රජිව් ගාන්ධි ඇතිකළේ රට විනාශ කරන්න. අපේ හිටපු මෝඩ හැත්ත හිස්මුදුනින් ඒක පිළිගත්තා.. දැන්වත් මේ මරාලය සුනුවිසුණු කරන්න ඕනෑ.. නැත්නම් රටේ පැවැත්මක් නැහැ.! 

:       0       2

මරිසිපාල Sunday, 30 October 2022 09:45 AM

නැතුව නැතුව ඒවා ලංකාවේ තියෙන වෙනත් ආණ්ඩු නොවැ. සබරගමුව ෆෙඩරල් ආණ්ඩුව, දකුණ, බස්නාහිර, නැගෙනහිර හා ඌව වෙනම ආණ්ඩු, උතුරු මැද හා වයඹ රජයේ කාර්‍යාල මධ්‍යම පළාතට මොකුත් නැහැ. එකිනෙකා ලොක්කන් වෙන්න බෙදිලා තියෙන්නේ ඒ වගේම උතුරු පළාතත් එහෙමයි. ඉතින් බොරුනම් ඔවුන්ගේ අන්තර්ජාලය බලන්න. එහෙම ආඩම්බර කාර අප්පච්චිලා කවුරු හෝ කියන දෙයක් අහයිද? ඔවුනොවුන් එක්කලා මේ රට වලපල්ලට යනවා මිස ගොඩ ඒමක් නම් නැහැ...!

:       0       1

gunda Sunday, 30 October 2022 08:32 PM

උතුරු මැද පළාතේ නිලධාරීනුත් විශ්‍රාමිකයන්ට නැවත සේවා ලබා දී තියෙනවා.

:       0       0

මුදියන්සේ... Sunday, 30 October 2022 08:56 PM

රටේ ජනතාවට පටි තද කර ගැනීමට සිදුව ඇතත් හිල් සිදුරු එලෙසින්ම පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site