IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රජයේ කන්තෝරුවල අංශ 5000ක් ’’සුදු අලි’’


(සුජිත් හේවාජුලිගේ)

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව යටතේ ඇති  විවිධ  අංශ පන්දාහකට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය   අනිල් ජයන්ත මහතා පැවසීය

විද්වත් කමිටුවක් හරහා එම ආයතන පිළිබඳව සොයා බලා වැදගත් නොවන අංශ  ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ගෞරවාන්විත රාජ්‍ය සේවයක් බිහි කිරීම රජයේ එකම අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (4)

රජයේ කන්තෝරුවල අංශ 5000ක් ’’සුදු අලි’’

වේලාරත්න ඇල්පිටිය Friday, 17 October 2025 12:03 PM

දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලය එකක්. මගේ නමම තියෙන ලේකව් වරයෙක් හිටියා. මිනිහා මේ ළගකදී පැන්ෂන් ගියා. මෙලෝ වැඩක් කලේ නැහැ. කලාප කාර්යාල වලින් ලියුම් පිට ලියුම් එවනවා. විගණන විමසුමක් පවා තියෙනවා. මෙලොව රාජකාරියක් කරපු කෙනෙක් නොවෙයි. අනික දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය. බොරුවම තමයි කරන්නේ. දෙන පඩියටත් ණයයි...

:       1       4

Nilantha Friday, 17 October 2025 01:14 PM

මුලින්ම ප්‍රධානම සුදු අලියා වන පළාත් සභා අහෝසියි කියන්න මොකද 1987 පළාත් සභා ඇති කලාට විරුද්ධව කැරළි ගැහුවෙ ජවිපෙ කට්ටියනේ. ඉතින් එහෙම අයගේ ආණ්ඩුවෙන් එය වෙන්නම ඕන.

:       1       10

de silva Friday, 17 October 2025 01:26 PM

පළාත්සභා ඡන්ද නැති වුණාට, නිලධාරීන්ට, කාර්යාලවල සහ අනෙක් සම්පත් වලට විශාල වියදමක් යනවා. දේශපාලකයින්ට පඩි නඩි සහ පහසුකම් වියදම් වෙන්නේ පළාත් සභා වැය ශීර්ෂයෙන් 10% කට අඩු ප්‍රමාණයක්, කරුණාකර කර චන්දෙ තබා පළාත්සභා ක්‍රියාත්මක කරන්න නැතිනම් පනතක් ගෙනත් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න... ජනමත විචාරණයක් තිබ්බොත් ජනතාවගෙන් 80% පළාත්සභා වලට විරුද්ධව ඡන්දේ දේවි...

:       0       5

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Friday, 17 October 2025 02:12 PM

පළාත් සභා අහෝසි කරන්න. මම දැන් අල්ලස් එකට පැමිණිලි කිහිපයක්ම කරලා තියෙනවා මගේ නමින්ම. තාම ඒවා විභාග කළේ නැහැ. පළාත් සභාවල පුද්ගලයින් හොරකම් කරන ඒවා ගැන. සාක්ෂි සහිතයි. විගණන විමසුම් පවා තියෙනවා. ආණ්ඩුකාරයා මේවා කොහොම හරි වහනවා. ආණ්ඩුකාරයා ඊට වඩා දූෂිතයෙකි. මම මගේ නමින්මයි මේ කියන්නේ. බය නම් කියන්නේ නැහැ. පළාත් සභා වහාම අහෝසි කරමු. අපි ඉදිරියේදී විශාල වැඩ කොටසක් කරනවා ඒ වෙනුවෙන්. මේ රට බංකොලොත් වෙන්තත් පළාත් සභාවල හොර හැතිකරය දායක වුණා. මම තරම් දකුණු පළාත් සභාවේ හොරකම් ගැන දන්න කෙනෙක් නැහැ. ඇමතිලා හිරේ යැව්වේ අවුරුදු 20 කට නම් මේ අය අඩුම තරමින් අවුරුදු 40 කට හිරේ යවන්න ඕනෑ. අපි දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ආණ්ඩුකාරයා තමන්ට අයිතිනැති දේවල් වටලත් මැදිහත් වෙනවා. පළාත් සභාවේ සියලු නිලධාරීන් එක පැත්තකට වෙලා එන්න මමත් එක්ක විවාද කරන්න. ආණ්ඩුකාරයා මෙලොව නීතියක් නොදන්නා කෙනෙක්. ජනාධිපති හිතන් ඉන්න දේවල් එවාගෙන් කවදාවත් කෙරෙන්නේ නැහැ. මම දකුණේ පුරවැසියෙක්. මේ ගොල්ලෝ සංවිධානාත්මක අපරාධකාරයෝ කියලයි මම නම් කියන්නේ. ඒ නිසා පළාත් සභා අවශ්‍ය නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 925 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1006 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site