(නිමල කොඩිතුවක්කු)
සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මානව හිතවාදී දේශපාලනඥයෙකු මෙන්ම, ජනකාන්ත කලාකරුවෙකු ද ලෙස අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රංජන් රාමනායක මහතා නිදහස් පුරවැසියකු ලෙස සමාජයට පැමිණ, නැවතත් ශක්ති සම්පන්නව සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කරනවා දැකීම තම ඒකායන පරමාර්ථය බවද විපක්ෂ නායකවරයා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කීවේය.
රන්ජන් රාමනායක මහතා සමඟ එහිදී දීර්ඝ වේලාවක් අදහස් හුවමාරු කරගැනීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රංජන්ට පූර්ණ නිදහස දෙන්න
ravin Sunday, 31 July 2022 12:16 PM
දැන්ද ඇහැරුණේ? උඩු බිරුවට, කෝච්චිය සෑහෙන දුර ගිහිල්ලා... ආරංචියේ විදිහට සියලු වැඩකටයුතු අවසන්... නීතිමය ගැටලු ටික නිසියාකාරව සිදුවූ පසු රංජන් නිදහස්...
fairoos Sunday, 31 July 2022 12:55 PM
පනින්න දන්නව නම් විතරයි නිදහස.
මහසෙන් Sunday, 31 July 2022 02:40 PM
දැන් ඉතින් එල්ලෙන්න ඉන්නේ රංජන් විතරයි මෙයාට...
kamal Sunday, 31 July 2022 03:23 PM
මෙයාට පංචායුද කුමාරයාට වගේ උපවාස කරන්න බැහැනේ රජ කුමාරයෙක් නිසා. ඒ නිසා අණකරන එක විතරයි කරන්න පුළුවන්...
saj Sunday, 31 July 2022 05:38 PM
මෙයාට තේරෙන්නේ නැද්ද? භාණ්ඩාගාරයෙන් රිපෝට් එක එවලා ඉවරයි. ජනාධිපති අත්සන් කරලා ඉවරයි. හෙට අනිද්දා එළියට එයි...
Bamunuarachchi Sunday, 31 July 2022 05:56 PM
අනෙකුත් මිනීමරුවන්ට වංචාකාරයින්ට හොරුන්ටත් පුර්ණ නිදහස දෙන්න.
විපරමා Sunday, 31 July 2022 07:20 PM
එවැනි පිරිස් වැඩිපුරම සිටින්නෙ පාර්ලිමේන්තුවේ.
BamunuarachchiMonday, 01 August 2022 05:22 PM
පාර්ලිමේන්තුව හිර ගේයක්නම් ඔවුන් උසාවියෙන් වරදකරුවන් වෙලානම් ඔවුන්ටත් නිදහස දෙන්න. ඇයි අල්පොන්සොට විතරක් නිදහස දෙන්නේ?
Senath Monday, 01 August 2022 09:45 PM
මේවට තමයි කියන්නේ ‘‘බොරදියේ මාළු බානවා කියලා...‘‘