IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රාජිතගේ නැව් අටේ නඩුව ඉල්ලා අස්කර ගනී

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (25) ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව ‘දූෂණය’ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාට එරෙහිව නඩුවක් ගොනුකර කටයුතු කර ඇති බැවින් මෙම අධිකරණයේ පවතින නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව, එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය හමුවේ අද (25) කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසිනි.

එමෙන්ම, අසාදුලේඛනයේ සදහන් විදෙස් සමාගමකට මෝදර වරාය බදුදී තිබීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් අරම්භ කරන ලෙසට පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි අධිකරණයට කරුණු වාර්තා වී ඇත.



අදහස් (6)

රාජිතගේ නැව් අටේ නඩුව ඉල්ලා අස්කර ගනී

ravin Monday, 25 July 2022 10:05 PM

මොන විහිලුවක්ද මෙ? කරුනාකර මෙම නඩුව පැවරිමට කටයුතුකල සියලුදෙනාගෙ පුද්ගලික වියදමින් සියලු වියදම් අයකරගන්න.

:       0       0

දාස Tuesday, 26 July 2022 03:33 AM

රජිත දැන් කියයි මම නිදහස් කියලා, කාරණාව කිව්වාම දැනෙනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. පොහොට්ටුවේ ඉන්න ගොබිලන්ගෙයි, මෙයාගෙයි වෙනසක් නෑ එකම සෙට් එක.

:       0       0

Bamunuarachchi Tuesday, 26 July 2022 06:32 AM

මේවා සාක්ෂි ඇතුව තිබෙන දුෂණ අනුර සහෝදර මචං මෙවා ගැන මීක් නැහැ, මේලෝකේ සාක්ෂියක් ඉදරිපත් කරන්න බැරි මවා ගත්ත දුෂණ ගැන බෙරිහන් දෙනවා. මොකද ඒවා ගැන බෙරිහන් පුළුවන් නිසා.

:       0       0

මහජනයා Tuesday, 26 July 2022 07:50 AM

දේශපාලන වුවමනාව මත සිදුකරන අවසානයක් නොමැති මෙවන් විමර්ශන, කොමිෂන් සඳහා කොපමණ රජයේ මුදල් වියදම් කරනවා ඇතිද? මේවායේ බරද ජනතාව විසින්ම දරනවා ඇත. අහෝ... මෙවන් රටක් කවදානම් ගොඩයයිද?

:       0       0

පුරවැසියා Tuesday, 26 July 2022 09:13 AM

සර්ව පාක්ෂික ආණ්ඩුවකට වැඩ පටන් ගන්න වගේ...!

:       0       0

sharm warn Tuesday, 26 July 2022 09:18 AM

ආ... ඒ කියන්නේ රාජිත ලොක්කා ළඟදීම ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්නවා කියන එකද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 710 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site