(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඩුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) උදෑසන මියයාම සැලවීමත් සමග විශාල ජනතාවක්,ගෞරවය පුද කිරීම පිණිස හස්තිරාජයාගේ හිමිකරුවූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාගේ ගම්පහ, නැදුන්ගමුව නිවස කරා පැමිණෙමින් සිටිති.
මියයන විට 69 වයසේ පසුවූ රාජා හස්තියා , කිසිදු අසනීප තත්ත්වයකින් නොසිටි බවත් ඊයේ දවස පුරා කිසිදු කෑමක් නොගෙන සිටීම මත සුපරීක්ෂාවෙන් සිටියදී අද උදෑසන එක්වරම ඇද වැටීමෙන් මරණයට පත්වූ බවත් වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
ආසියාවේ විශාලතම හීලෑ ඇතු ලෙස සැලකෙන රාජා හස්තියා, 1953 වර්ෂයේදී ඉන්දියාවේ උපත ලබා ඇති අතර එරට ධනකුවේරයකුට ප්‍රතිකාර ලබාදීම පිනිස එරටට ගිය පිළියන්දල නීලමහර වෙද හාමුදුරුවන්ට ත්‍යාගයක් ලෙස ලැබී ඇති මෙම හස්තියා , පසුකලෙක හර්ෂ ධර්මවිජය මහතාගේ පියාණන් විසින් ලබා ගැනීමෙන් අනතුරුව මිය යන තෙක්ම නැදුන්ගමුව වෛද්‍යාචාර්යවරයා රැකබලා ගැනීම සිදු කළේය.
රාජා මියයාම සැලවීමත් සමග මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර මහතා අද උදෑසන පැමිණ දැකබලා ගත් බව ධර්මවිජය පැවසීය.
මේ අතර මෙම සිදුවීම සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුරකථනයෙන් වෛද්‍යවරයාට කතාකොට ශෝකය පළ කොට ඇත.
මෙම හස්තියා වසර 25 ක පමණ කාලයක් රැකබලාගත් විල්සන් කොඩිතුවක්කු මහතාද රාජා මියයාමෙන් දැඩි ශෝකයට පත්ව සිටින අතර මහනුවර ඇතුලු සෑම පෙරහරක් සදහාම හස්තියා පාගමනින් රැගෙන ගියේ මොහුය.
2022 මාර් 07 වන සඳු, පෙ.ව. 08:13
නැදුම්ගමුවේ රාජා දිවියට සමුදෙයි
(තිලකරත්න දිසානායක)
මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.
මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
’’රාජාට’’ ගෞරව දක්වන්න මහසෙනගක්
අප්පුහාමි Monday, 07 March 2022 10:32 AM
අපි ප්‍රාර්ථනා නොකලත් නිවන් දැකීමට අවශ්‍ය පිං කරගෙන තියෙනවා සියලු සංකාරයෝ අනිත්‍ය බව පසක් කරමින් පරලොව සැපත් හස්තිරාජයාට නිවන්සැප ලැබේවා
Gayanath Monday, 07 March 2022 10:38 AM
දෙව් ලොව ඉපදේවා!!!
කිරි පුතා Monday, 07 March 2022 01:08 PM
හෙළ බොදු සංකේතයක්. තිරිසන් ව ඉපදුනත් ඉන මිදෙන්නට පිං කරගත් සතෙක්. ජාතියේම ප්‍රණාමය හිමි වේවා !
අතුල සෞදි Monday, 07 March 2022 02:35 PM
තිරිසන් ආත්මයක උපත ලැබුවත් සැබෑ ජනතා ප්‍රසාදයක් ලබන්නෙ පෙරකල කුසල කර්මයකටමයි. ඔබට මිනිස් උත්පත්තියක් ලැබ සසර කෙළවර නිවන් සුව ලැබේවා!
jayasiri Kanuwana Tuesday, 08 March 2022 09:24 AM
ඔබ බෝසත් කුලයේ.බුදුන් දවසේ සිටම මේ එන ගමනේ නිමාවක් නැත .ඔබ ආයෙමත් එන බව ඔබ දන්නවා .ආයිමත් ඇවිත් මේ සේවාව දිගටම කරගෙන යන්න .ටිකක් විවේක ගන්න ,දිව්‍ය ලෝකවල සැරි සරලා සිළුමිණ සෑයත් වැඳ පුදාගෙන .ආයෙමත් එන්න මේක ඔබේ සංසාර ගමන .මම ඔබට නිවන් සුව නොපතමි .ඒ ඔබ නැවත ආ යුතු නිසා .ටික කලක් විවේකීව ඉන්න
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 March 2022 04:23 PM
ඇත් රජුනි, දළදා වහන්සේ වැඩම කරවන විටදී පාවඩය ඉවත්ව තිබූ මොහොතක එය සකසා ගෙන ගමන්කිරීමට තරම් ඔබ බුද්ධිමත් වූවා හොඳහැටි මතකයි. ඔබ ගැන නිති ගුණ ගයමින් අපි කල්ගත කළෙමු. මේ ශෝකජනක අවස්ථාවේ අපි සැම දුකට පත්වී සිටිමු. ඇත් රජුනි, ඔබට නිවන් සුව අත්වේවා... !!!
R.A තිසරි දම්දිනී Friday, 11 March 2022 05:41 PM
මිනිසෙකු නොකරන තරම් මහා මෙහෙවරක් කරන ලද රාජා හස්ති රාජයාට මොක් සුව ප්‍රාර්ථනා කරමි...!!!