IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ආගමික සහජීවනයට සහ ජාතික සහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගේ බැංකු ගිණුම් තුනක රුපියල් කෝටි 6කට අධික මුදලක් තැන්පත්ව තිබූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (07) කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. කේ. සේනාරත්න මහතා අධිකරණයට වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කර සිටියේ මෙම හිමිනම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ප්‍රකාරව බැංකු ගිණුම් 12ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් තුනක වාර්තා ලැබී තිබූ බවත්ය.

මෙම ස්වාමින් වහන්සේ මින් ඉහතදී සිදුකර ඇති ප්‍රකාශයන් හේතුවෙන් ජනතාව අතර අසමගියක් සිදුව ඇති බවත් ඒ නිසාම ඇතැම් ප්‍රදේශ උන්වහන්සේට තහනම් කලාප කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර ස්වාමින් වහන්සේ කරන මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවසන්ව නොමැති අතර, මේ පිටුපස යම් සංවිධානාත්මක පිරිසක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබදවද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ නිතීඥවරයා සදහන් කර සිටියේ තම සේවාදායක හිමියන් දානශාලාවක් විහාර ගෙයක් ගොඩනගා ඇති අතර, දරුවන් 342ක් රඳවා සිටින දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් උන්වහන්සේගේ විහාරස්ථානය පිහිටි ගම්මානයේ අවමංගල්‍යයක් සිදුවුවහොත් ඒ නිවසකට රුපියල් හැත්තෑදහසක මුදලක් ලබා දෙන බවත්ය. මෙම හිමියන්ගේ ගිණුම්වලට මේ පුන්‍ය කටයුතු සිදුකිරීම සදහා එංගලන්තයේ ජීවත්වන දායකයෙක් මෙම මුදල් ලබා දී ඇති බවද නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේට නගා ඇති චෝදනාව වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත උල්ලංඝණය කිරීමක් මෙම ප්‍රකාශවලින් සිදුවී නැති ඇති අතර මෙම පනතින් උන්වහන්සේට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකළ නොහැකි බව ද නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (6)

රාජාංගනයේ හිමි යළි රිමාන්ඩ්

swene Wednesday, 07 June 2023 07:59 PM

පොලිසිය ආණ්ඩුවට බලපෑම් ඇති කෙරෙන සෑම නඩුවක්ම පාහේ ගෙනියන්නේ කොටුව මහේස්ත්‍රාත් ළඟට....

:       0       1

නිහාල් Wednesday, 07 June 2023 11:12 PM

මෙයාගෙ යූටියුබ් ගිණුමත් වහලා දාන්න ඕන

:       3       1

Bamunuarachchi Thursday, 08 June 2023 06:05 AM

සැකකාර ස්වාමින් වහන්සේ? මෙයාගේ කටේ නරිවාදම රෙද්ද පල්ලේ පෙරෙන්න පටන් අරන්. මේකට දානේ දෙන එවුන්ටත් ගහන්න ඕනේ

:       3       6

Pradeep Kumara Thursday, 08 June 2023 09:36 AM

ඔව් ඔව්, මේවා තමයි ආගමික සංහිදියාව වෙනුවෙන් කරන්න ඕන. පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් සහ ඊට අනුබල දුන් පිරිස තවම නිදැල්ලේ, ජෙරම් ප්‍රනාන්දු තවම එලියේ. හොදයි හොදයි.. ඔහොම යං

:       1       3

fairoos Thursday, 08 June 2023 12:47 PM

ජනතාව නොමග යවන ආණ්ඩුවේ උප්පරවැට්ටි... මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.

:       0       0

Ashen Friday, 09 June 2023 02:07 PM

ඔව් ඒ කවුරුවත් දාපු සල්ලියක් හරි ඉක්මනට හොයාගන්නවා.. රටේ සල්ලි හොරකං කරපුවා තාම නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site