IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාජකාරියේ සිටි පොලීසියේ දෙන්නාට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම්

(ගයාන් සූරියඅරච්චි)

සංගීත ප්‍රදර්ශනයක් නැරඹීමට පිරිසක් සමඟ පන්ගමුව මහජන ක්‍රීඩාංගණයට පැමිණ එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ පිස්තෝලයක් සහ අත්විලංගු පෙන්වා තර්ජනය කළ බව කියන තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථාධිපතිගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකි.

තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා  තවත් පිරිසක් සමග ඉකුත් (29) වැනි දින පන්ගමුව මහජන ක්‍රීඩාංගනයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීම සදහා ප්‍රභූ පිවිසුමේ දොරටුව වෙත පැමිණ එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයතුට සහ එහි සිටි නිලධාරීන් සමග බහින්බස්වී පරුෂ වචනයෙන් වැදී ඇති බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

රාජකාරියේ සිටි පොලීසියේ දෙන්නාට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site