
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිල බලය අයුතු ලෙස යොදාගෙන ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් අත්තිඩිය වන රක්ෂිතයට බැහැර කළ බව කියන දෙහිවල පොලිසිය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පොලිස් කොස්තාපල්වරයාට අයත් බව කියන ටැක්ටරය රියදුරකුට සහ තවත් පුද්ගලයකුට ලබාදී ඔවුන් මගින්ගොඩනැගිලි අබිලි ද්‍රව්‍ය කොටස් තොගයක් අත්තිඩිය රක්ෂිතයට මුදා හැරීමක් සිදු කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
මේ අවස්ථාවේ එම ටැක්ටරේ පැදවූ රියදුරා සහ සහායකයා වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කියයි.
ටැක්ටරය තමාගේ නොවන බවත් එය බදු පදනම මත ලබා දුන් එකක් බවත් සඳහන් කරමින් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී රියදුරාට මෙම කොස්තාපල්වරයා බලපෑම් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
රියදුරා විසින් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු විමර්ශනයක් පවත්වා මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියට පිටින් ගිය පී.සී ගෙදර
Bunny Preena Friday, 14 July 2023 09:24 AM
නිලබලය අයුතු ලෙස භාවිතා කර වැරැදි වැඩ කිරීම හොඳ දෙයක් නොවේ. නීතිය සහ සාමය යහපත් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන රාජ්‍ය ආයතනයක මෙවැනි පුද්ගලයින් සේවය කිරීම නීතිගරුක සහ අවංකව සේවය කරන අනෙකුත් නිලධාරීන්ට කරන අපහාසයක් සහ අවමානයක්... දේශපාලන මැදිහත්වීම්වලින් තොරව මොහුට සුදුසු දඬුවම ලබාදිය යුතුයි.