IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජකීය වැඩවලින් කේට් ඉවත් වෙයි?

(විමුක්ති එස් රුද්‍රිගු)

කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බව යූ.එස් වීක්ලි සඟරාව පසුගියදා වාර්තා කළේය.

කේට් කුමරිය මෙම වසර තුළදී කිසිම මහජන උත්සවයකට සහභාගී නොවනු ඇතැයි පසුගිය සතියේ වාර්තා වූ බවද යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය.

පිළිකා රෝගයට ගොදුරුවීම හේතුවෙන් කේට් කුමරිය පසුගිය මාර්තු මාසයේ සිට රාජකීය වැඩකටයුතු වලින් ඉවත්වී ප්‍රතිකාර ගැනීම ආරම්භ කළාය.

ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ කිරීමත් සමඟ කේට් කුමරිය සුවවෙමින් පවතින බවත් ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසුව ඇය වගකීම කුමක් විය යුතුද යන්න පිළිබඳව රාජකීය කණ්ඩායමක් ඇස්තමේන්තු කරමින් සිටින බවත් යූ.එස් වීක්ලි සඟරාව වාර්තා කළේය.

එම කණ්ඩායම ගන්නා තීරණය මත කේට් කුමරියගේ වගකීම් තීරණය වනු ඇති බවත් ඒ හේතුවෙන් කේට් කුමරිය නැවතත් කිසිම දිනක රාජකීය වැඩකටයුතුවලට සහභාගී නොවීමට ඉඩ තිබෙන බවත් යූ.එස් වීක්ලි සඟරාව සඳහන් කළේය.

පිළිකා රෝගයෙන් පීඩා වින්දත් කේට් කුමරිය මවකගෙන් විය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරන බව එම සඟරාව වාර්තා කළේය.

නැවත රෝගාතුර විය හැකි බැවින් 42 හැවිරිදි කේට් කුමරිය රාජකීය වැඩකටයුතුවලින් ඈත්කර තැබීමට එම කණ්ඩායම සළකා බලමින් සිටින බව යූ.එස් වීක්ලි සඟරාව ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

රාජකීය වැඩවලින් කේට් ඉවත් වෙයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site