IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රේගු වංචා ගැන තොරතුරු දුන්නොත් මුදල් ත්‍යාග

(යොහාන් භාසුර)

ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනූව තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ඇත්නම් ඒ පිළිබදව ශ්‍රී ලංකා රේගුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිලධාරියා කීය.

තොරතුරු ලබා දෙන සියලු දෙනාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවත් රාජ්‍ය ආදායම සුරැකීම සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල කරන බවත් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (5)

රේගු වංචා ගැන තොරතුරු දුන්නොත් මුදල් ත්‍යාග

Prabha Monday, 06 February 2023 06:12 PM

ඔක්කොටම කළින් රේගුවේ අයගේ වත්කම් බලන්න.

:       0       7

තුෂාර Monday, 06 February 2023 07:30 PM

රේගුවේ කට්ටිය එකතුවෙලා කරන වංචාත් දැනුම් දෙන්න තැනකුත් ප්‍රසිද්ධ කළානම් තමයි හොඳ...? රේගුවේ මහත්තුරු කරන්නෙත් සුළුපටු වංචා නෙමෙයි.

:       0       6

Bamunuarachchi Wednesday, 08 February 2023 04:09 PM

වෙන කොහාටද රේගුවට තමයි දැනුම් දෙන්න කියන්නේ. දැන් හොරාගේ අම්මව මතක් කරන්න එපා පේන අහන කතාව කියලා.

:       0       0

නිහාල් Monday, 06 February 2023 11:24 PM

එහෙනම් ඔයාලා අස්වෙලා ගෙදර යන්න. අපි ඒවා බලාගන්නම්.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 07 February 2023 03:44 AM

හොදට තියෙයි….!! දීකිරි වලටත් බළල්ලු සාක්කි කිව්වලු…. ඒ අයට දැන් බිස්නස් අල්ලලා දෙන්න ඕනෙත් අපිද…? රේගු නිලධාරින්ගේ දරුවන්ගේ මාපිය උරුමෙන් ආව දේපල ගැන කිසිම ආයතනයක් හොයලා තියෙනවාද? තරුණ ජනමාධ්‍යවේදීන්ට හොද මාතෘකාවක්…..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site