(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 40 හැවිරිදි වෛද්‍යවරයා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ජනක සමරසිංහ මහතා නියෝග කළේය.
එලෙස ඇප මත මුදා හැරියේ රත්මලාන ප්‍රදේශයේ වෛද්‍යවරයෙකි. අතවරයට පත් කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ඉකුත් 12 වෙනිදින කහතුඩුව වෑතර දිසාරෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එදින වෛද්‍යවරයා ගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන යලි 19 වෙනිදින ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ තිබූ බව පොලීසිය අධිකරණය වෙත දැන්වීය.
එම අවස්ථාවේදී බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා අතවරයාට පත්කාන්තාව සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරික්ෂා කර
පැමිණිලිකාරිය පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරික්ෂා කළ බවත් එහිදී ඔහු ඇයට කරදර කළ බවත් පැමිණිලි කර තිබිනි.
2025 නොවැම්බර් මස 21
118
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
198
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1062
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රෝගී කතට අතවර කළැයි කියන වෛද්‍යවරයාට ඇප