IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රෝගීන් මත් කරන යුවළක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

එම සැකකරු සහ සැකකාරිය එක්ව එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබියදී ව්‍යාපාරිකයන් විසින් ඒවා උණුකර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සායනවලට සහභාගී වීමට පැමිණි රෝගී කාන්තාවක් විලස සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගී වීමට පැමිණි වයෝවෘද් සහ මැදි වියේදී කාන්තාවන් සමඟ හිතවත් වී උපක්‍රමශීලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමඟ මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත් වීමෙන් පසු ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බිය සොරා ගැනීම මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා විසින් සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

සැකකාරිය සමඟ සිටින කාන්තාව මත් ගතියෙන් පෙළෙන අවස්ථාවේදී කිසිවකුටත් සැක නොසිතෙන ලෙස ඔවුන්ට උදව් කරන පුද්ගලයකු විලස සැකකරු ඉදිරිපත් වී තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (1)

රෝගීන් මත් කරන යුවළක් අත්අඩංගුවට

විදේශීකයා Wednesday, 19 April 2023 01:46 PM

ඔය වගේ දේවල් අපේ රටේ සාමාන්‍ය දේවල්. අසාමාන්‍ය දේ තමා අපේ මිනිස්සු තාමත් ඔහොම දේවල් වලට අහුවෙන එක...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site