රෝගීන්ගේ සිරුර තුළ රඳවා තොරතුරු ලබා ගත හැකි විද්‍යුත් කැප්සියුලක් නිපදවීමට මැසචුසෙට්ස් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයින්ගේ අවධානය යොමුකර ඇත.
රෝගීන්ගේ උදරයේ රැඳවිය හැකි මෙම කැප්සූලය බ්ලූටූත් තාක්ෂණයෙන් රැහැන් සම්බන්ධතාවක් නොමැතිව ඖෂධ ලබා ගැනීමට ජංගම දුරකථනයට උපදෙස් ලබා දීම සිදු කරයි.
මෙම ත්‍රිමාන මුද්‍රිත කැප්සූලය රොගීන්ට දිගු කාලයක් පුරා විවිධ රෝගවලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම අවශ්‍ය මාත්‍රා පිළිබඳ උපදෙස් ලබා දීමටද භාවිතා කළ හැකියි.
අසාදන සහ අසාත්මිකතා සම්බන්ධයෙන් තොරතුරු උකහා ගැනීමට ද මෙම කැප්සූලයට විශේෂ හැකියාව ඇති අතර ඇතැම් රෝගීන්ට ලබා ගැනීමට අවශ්‍ය වන එන්නත් සංඛ්‍යාව අඩු කිරීමට ද එම කැප්සියුලය භාවිතා කළ හැකි වෙතැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.
එසේම රෝගීන්ට පවතින ඉහළ අවදානමක් සහිත අසාත්මිකතා සම්බන්ධයෙන් එනම් රසායනික චිකිත්සා හෝ ප්‍රතිශක්තිය වළක්වන ඖෂධ ලබා ගන්නා රෝගීන්ට වැදගත් වන තොරතුරු ද කැප්සියුලයට ග්‍රහණය කර ගත හැකිය.
අසාත්මිකතාව හඳුනාගැනීමෙන් පසු ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට ද කැප්සියුලය භාවිතා කර හැකිය.
එසේම එච්.අයි.වී හෝ මැලේරියා වැනි රෝග වැළඳී ඇති රෝගීන්ට ඉතා නිවැරදිව ඖෂධ මාත්‍රා පවත්වාගෙන යාම අවශ්‍ය වන උපදෙස් මෙමගින් ඒ සඳහා ලබාගත හැකිවේ.
කැප්සූලයට වෙනත් සෞඛ්‍ය උපකරණ සමඟ ද සම්බන්ධ කර හැකි අතර එමඟින් රෝගීන්ගේ ජංගම දුරකථනවලට මෙන්ම ඔවුන්ගේ වෛද්‍යවරුන්ට ද තොරතුරු යැවීමට ද හැකිය.
2016 වසරේදී ඔවුන් තරුවක හැඩය සහිතව පිටතට නැවිය හැකි බාහු 6 ක් සහිත කැප්සියුලයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර වසර දෙකක් ඇතුළත අධිග්‍රහණ සංවේදක පුද්ගයින් පරීක්ෂාවට ලක්කිරීමට හැකි වෙතැයි පර්යේෂකයෝ අපේක්ෂා කරති.
පර්යේෂණ කණ්ඩායම දත්ත උකහා ගැනීමට හැකි පෙත්තක් නිර්මාණය කිරීමට උත්සහ දරා ඇත.
-ඩේලි මේල් ඇසුරෙනි -
(63226 )
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රෝගීන්ගේ සිරුර තුළ රඳවා තොරතුරු ලබා ගත හැකි විද්‍යුත් කැප්සියුලයක් නිපදවයි