(සුජිත් හේවාජුලිගේ)
ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය ප්‍රතිරක්ෂණ කිරීමේදී කර ඇතැයි පැවසෙන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් රජයට රුපියල් කෝටි 440 පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන්වේ.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී සහ සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) යන අය සේවයෙන් ඉවත් කර තිබුණද අරමුදලට සිදුව ඇති අලාභය අය කර ගැනීමට කළමනාකාරිත්වය පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
ස්වාභාවික විපත් රක්ෂණය ආවරණය කිරීම සඳහා රජයේ අරමුදල් යටතේ රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබූ බවද වාර්තාව සඳහන් කරයි.
මේ අතර මණ්ඩලය අධිභාර බදු ලෙස රුපියල් කෝටි 120කට ආසන්න මුදලක් 2023 වර්ෂයේ වැඩ වර්ජන කැරලි කෝලාහල සහ ත්‍රස්තවාදී අරමුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා තිබුණු නමුත් මණ්ඩලය එම බදු සහන ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද වාර්තාවේ දැක්වේ
මේ අතර රුපියල් කෝටි පනස් එකක මුදලක් ගෙවා ප්‍රතිරක්ෂණය කිරීම සඳහා තෝරාගත් තැරැව්කාර සමාගම ගිවිසුමෙන් ඉවත්වීමෙන් ප්‍රතිරක්ෂණ ආවරණයකින් තොරව පවත්වාගෙන යෑම හේතුවෙන් අරමුදල දැඩි අවදානම් තත්ත්වයක පැවතුණ බවද විගණන වාර්තාව සඳහන් කරයි.
නීති ප්‍රකාරව ලියාපදිංචි නොවූ රක්ෂණ තැරැව්කරුවකුට ප්‍රතිරක්ෂණ කටයුතු වෙනුවෙන් 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා රුපියල් කෝටි 120කට වැඩි මුදලක් ගෙවීම් කර තිබූ බවද එහි දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයට අදාල ලේඛනයේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රක්ෂණයේ මගඩිවලින් රජයට කෝටි 440ක පාඩුවක්