(බිඟුන් මේනක ගමගේ)
රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුව පැරැණි ආණ්ඩුව මෙන්ම තොරොම්බල් කිරීමට අලුත් ආණ්ඩුව ද පියවර ගෙන ඇතැයි ද ඊට එරෙහිව ලබන 22 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
උපාධිධාරීන් 54000කට ජනවාරි පළමුවැනිදා රැකියා දෙන බවට මැතිවරණ වේදිකාවේ පැවැසූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය තම ප්‍රතිපත්ති ප්‍රකාශයට ද ඇතුලත් කළ නමුත් අඩුම තරමින් සිය ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් හා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි සාකච්ඡා පවා මේ වනතෙක් තමන්ට ලැබී නැතැයි එම සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන්ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.
මේ වනවිට මහමැතිවරණය ඉලක්ක කරමින් මාර්තු 1 වැනිදාට පෙර රැකියා ලබා දෙන බවට පොරොන්දු දීමටත් සිය කාර්යාලවලට උපාධිධාරින් ගෙන්වා අයැදුම්පත් පුරවමින් අනිසි බලපෑම් කිරීමටත් ආණ්ඩුවේ ඇමැතිවරු කටයුතු කරමින් සිටිතැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය චෝදනා කර ඇත.
මේ නිසාම අලුත් ආණ්ඩුවත් යන්නේ පරණ පාරේමදැයි සැකයක් හටගෙන ඇතැයි ද ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබේ නම් තමන්ට සාකච්ඡාවක් ලබා දී එය පෙන්වීමට තවමත් අවස්ථාව ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
පවතින දේශපාලන තත්ත්වය මත මාර්තු 2 වැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බැවින් ඊට ප්‍රථමයෙන් උපාධිධාරින්ට රැකියා දෙනු ඇතැයි සිතීමට තරම් තමන් මන්ද මානසිකයන් නොවන්නේ යැයි ද ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
උපාධිධාරින්ාගේ ප්‍රශ්නය ජනාධිපතිවරණ වේදිකාවේ සේල් වූ ආකාරයටම ඒ වේගයෙන්ම මේ ආණ්ඩුවට සිය ගැටලුව විසඳීමට බලපෑම් කලයුතු යැයි ද ඒ අනුව මාධ්‍ය සංදර්ශනවලට හසු නොවී සිය බලය ආණ්ඩුවට පෙන්වීමට ජනවාරි 22 වැනිදා රැකියා විරහිත උපාධිධාරින් කටයුතු කරනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රැකියා විරහිත උපාධිධාරිහු විරෝධතාවයකට සැරසෙති