IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රොකට්ටු කැබැල්ලක් හ‍ඳට වැටෙනවා

පාලනයෙන් ගිලිහුණු රොකට් කැබැල්ලක් අද (4) සඳට කඩා වැටීමට නියමිතය. ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව කඩා වැටෙනු ඇත්තේ චීනයට අයත් භාවිතයෙන් ඉවත් කළ අභ්‍යවකාශයේ පාවෙමින් තිබුණු රොකට්ටු කැබැල්ලකි.

තාරකා විද්‍යාඥයන් මුලින් සිතුවේ, මෙම රොකට්ටු කැබැල්ල ඇමෙරිකා බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගමට අයත් රොකට්ටුවක ‘බූස්ටර්’ (දහනක) කොටසක් කියාය. කෙසේ නමුත් පසුව ඔවුන් පැවැසුවේ එය ‘ස්පේස් එක්ස්’ රොකට්ටුව කොටසක් නොව, චීනය 2014 දී ‘චෙංග්ඊ5ටී1’ නමැති අත්හදා බැලීමේ ගගන මෙහෙයුමට යොදා ගත් රොකට්ටුවේ බූස්ටර් කොටස කියාය.

අද (4) දිනයේ රොකට්ටු කැබැල්ල, සඳුගේ අඳුරු පැත්තට කඩා වැටීමට නියමිතව ඇත. විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට රොකට්ටු කැබැල්ල හේතුවෙන් සඳ මතු මිට මීටර් 10 ක හෝ 20 ක ආවාටයක් නිර්මාණය වනු ඇත. රොකට්ටු කැබැල්ල සඳේ ගැටෙනු ඇත්තේ පැයට කිලෝ මීටර් 9,300 කිනි.

චීනයේ ‘චෙංග්ඊ5ටී1’ මෙහෙයුම සිදුවූයේ 2014 ඔක්තෝබර් 236 වැනිදාය. එම පුහුණු මෙහෙයුම සිදු කෙරුණේ රොබෝ ගවේෂණ යානයක් සඳට යැවීමේ අරමුණින්ය. පුහුණු මෙහෙයුම සාර්ථක විය.

චීනය 2020 වසරේ දී ‘චෙංග්ඊ5’ නමැති චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ රොබෝ යානයක් සඳ මතුපිටට යැව්වේ ඒ අනුවය.

සඳට කඩා වැටෙන මෙම රොකට්ටු කැබැල්ල, පසුගිය වසර ගණනාව පුරාවට පෘථිවියත් සඳත් අතර පාවෙමින් තිබුණි. අභ්‍යවකාශයේ පෘථිවිය වටේ ඇති මෙවැනි අත්හැර දැමුණු සහ අක්‍රිය වුණු රොකට්ටු කැබලි, අභ්‍යවකාශ යානා කොටස්, චන්ද්‍රිකා ආදිය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ කසල යනුවෙනි.

මෙවැනි අභ්‍යවකාශ කසල ගැන තාරකා විද්‍යාඥයෝ නිරන්තර අවධානයෙන් පසුවෙති. සඳ මතට රොකට්ටු කැබැල්ලක් කඩා වැටෙන බව මීට සති කීපයකට පෙර පළමුවෙන් සොයා ගත්තේ තාරකා නිරීක්ෂකයකු වන බිල් ග්‍රේ ය. රොකට්ටු කැබැල්ල ‘ස්පේස් එක්ස්’ කැබැල්ලක් යැයි පළමුවෙන් ලොවට පැවැසුවේ ද බිල් ග්‍රේ ය. පසුව ඔහු විසින් ම එය නිවැරදි කරනු ලැබුණි. ඒ, රොකට්ටු කැබැල්ල චීනයට අයත් බව පෙන්වා දෙමිනි. එය තහවුරු කළේ නාසා ආයතනයයි.

(තොරතුරු - නාසා ආයතනය)



අදහස් (2)

රොකට්ටු කැබැල්ලක් හ‍ඳට වැටෙනවා

sharm warn Friday, 04 March 2022 11:28 AM

මේ රොකට් කැබැල්ල පතිත වේගෙන, වේගෙන හඳේ චලනයක් ඇති කළොත්, එය අපේ ගුරුත්වාකර්ෂණ බලයට බලපෑමක් ඇතිකරාවිද? එහෙම වුණොත්, එයින් පොළවට, පොළවේ ගමනට, කක්ෂයේ ගමන් මගට සුළුම වෙනසක් වුණත් වෙන්න ඉඩ තියේවිද? එහෙම වුණොත්... දෙවියනේ... කාට හරි තේරෙනවද? මොකක් වෙන්න පුළුවන්ද කියලා.

:       2       2

Bamunuarachchi Saturday, 05 March 2022 06:59 PM

තව ටික දවසකින් හඳත්, යාඩ් එකක් වෙනවා... වැඩකට ඇලුමිනියම් කෑල්ලක් ඕනේ වුණාම හඳට යන්න වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site