(සුජිත් හේවාජුලිගේ)
ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි හෙයින් ඒ භූ දර්ශනය ආරක්ෂා කරන්නැයි යුනෙස්කෝ සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසන්නේ ඓතිහාසික සීගිරිය යනු සීගිරි පර්වතය පමණක් නොවන බවයි.
සීගිරිය වටා ප්‍රාග් ඓතිහාසික ලෙන් මෙන්ම සුසාන භූමි පද්ධතියක් පවතින හෙයින් යුනිස්කෝ සංවිධානය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ඇත්තේ ඒවා බවද ඔහු කීවේය.
අනවසර ඉදිකිරීම් වැඩි වුවහොත් සීගිරියට යම් තර්ජනයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීගිරිය පර්වතයට ඹබ්බෙන්වූ යාර දෙසිය සහ හාරසීය සීමාව ආරක්ෂා කරන බවත් ඒ ඇතුළත අලුත් ඉදිකිරීම් කිසිවක් කිරීමට ඉඩ නොදෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
එම ප්‍රදේශයේ කලින් ඉදිකිරීම් සිදුව අැතැයි පැවසූ මෙන්ඩිස් මහතා යාර දෙසීය සීමාවේ පනස් දෙනෙකුද යාර හාරසීයේ සීමාවේ 74 දෙනෙකුද අනවසරයෙන් පදිංචිව සිටින බව ප්‍රකාශ කළේය
ඒ අය ක්‍රමානුකූලව එතනින් එහා කලාපයට ගෙනියන්න සුදුසු වැඩපිළිවෙලක් සෑදිය යුතු බවත් රාජ්‍ය මට්ටමින් කතා කර ඉතාම හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් තුසිත මෙන්ඩිස් මහතා පැවසීය
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යුනෙස්කෝවෙන් පුරාවිද්‍යාවට රතු එළියක්