IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


යුද්ධයකදී උඩයන්න ඇමෙරිකා ජනපතිට යානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් ඉහළ අහසේ සිට ඇමෙරිකාවට නායකත්වය ලබා දීමට එරට ජනාධිපතිවරයාට හැකියාව ලබා දෙන නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් ඉදිකිරීමට ඇමෙරිකා ඩොලර් කෝටි 1300 ක කොන්ත්‍රාත්තුවක් සියේරා නෙවාඩා සමාගමට ලබා දීමට කටයුතු කළ බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

කොලොරාඩෝ ප්‍රාන්තයේ සියේරා නෙවාඩා සමාගමට අයත් කර්මාන්ත ශාලාවේදී මෙම ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බවත් 2036 වසරේදී මෙම ගුවන් යානය නිපදවා අවසන් වනු ඇති බවත් ඇමෙරිකානු ගුවන් හමුදාව පැවැසුවේය.

දැන් තිබෙන ඩූම්ස් ඩේ ගුවන් යානය 1970 වසරේදී නිපදවූ වූ එකක් වීම හේතුවෙන් එහි ආයු කාලය අවසන් වෙමින් පවතින බැවින් නව ඩූම්ස් ඩේ ගුවන් යානයක් නිපදවීම සඳහා කොන්ත්‍රාත්තුව සියේරා නෙවාඩා සමාගමට ලබා දුන් බව ඇමෙරිකානු ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

යුද්ධයකදී උඩයන්න ඇමෙරිකා ජනපතිට යානයක්

ජයනාත් Sunday, 28 April 2024 08:03 PM

1. න්‍යෂ්ටික යුද්දෙන් පස්සේ නැවත පොළවට බහින්නෙ කවුරු බලන්න ද. 2. 2036 වෙනකං න්‍යෂ්ටික ප්‍රහාරයකට අවස්ථාව එලඹෙන්නෙ නැති ද. 3. 2036 වෙනකොට අනෙකුත් රටවල් මේ ඉන්න තැනම ඉඳියිද. 4. ලංකාවේ ණය බිලියන 39 ලු. මේකෙ වියදම් බිලියන 130 යිලු. මොකද හිතෙන්නේ .

:       0       3

Prasith Fernando Sunday, 28 April 2024 08:24 PM

අපට එම ගුවන් යානය මිලදී ගත හැකි නම්... කරුණාකර මට දන්වන්න. මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තෑගි දෙන්නම්..

:       0       3

Sachith Sunday, 28 April 2024 08:51 PM

ඕක දැකලා අපේ අයටත් බිලක් දාන්න ඕනෑ වෙයි.

:       0       1

abeygunasekarasampath95 Sunday, 28 April 2024 08:53 PM

න්‍යෂ්ඨික යුද්ධයක් ඇති කරලා උඩට වෙලා ඉන්න තමයි වෙන්නේ. බිමට බැස්සට කවුරුත් ඉතිරි වෙන එකක් නෑ. න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවන එක නවත්වන්නයි කළ යුතු...

:       0       0

Chathuri Monday, 29 April 2024 05:30 AM

අපේ නඩේටත් එකක් ඕඩර් කෙරුවානම් හොදයි ඡන්දෙන් පස්සෙ හැන්ගිලා උඩ යන්න

:       0       6

Malika Monday, 29 April 2024 06:43 AM

අනේ දෙවියනේ, යුද්ධය නවත්වන්න නෙවි හදන්නේ. අහස උඩ ඉඳලා පාලනය කරන්න. මුන්ගේ මොලේ වැඩිවෙලා කරන අපරාධ. අහිංසක මිනිසුන් තමා මේවට බිලි වෙන්නේ. ලොක්කෝ හැංගිලා, සොක්කෝ කැමැතෙන් හෝ අකමැත්තෙන් බිලි වෙනවා. විශ්වයේ මහා විශ්මය වෙන්න කාලය හරි වගේ.

:       0       5

Perera Monday, 29 April 2024 07:49 AM

උඩ ගියාට ආපහු බාන්න රටක් ඉතුරු වෙලා තියේවිද දන්නේ නැහැ

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක්
2024 මැයි මස 13 20 0

වහල තියෙන පළාත් පාලන ආයතනවල දොරවල් හෙමින් සීරුවේ විවෘත කිරීමට ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා උත්සාහ දරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජය


සල්ලි ගත්තු අය අගමැති හෙළිකරයි
2024 මැයි මස 13 363 0

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අයටත් විමධ්‍යගත අරමුදල් ව්‍යාපෘති ලබාදී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.


පාසල් චෙස් ශූරයෝ ලංකාවට
2024 මැයි මස 13 237 1

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පැවති 16 වන ලෝක පාසැල් චෙස් ශූරතා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද(13) ශ්‍රී ලංකා


සරසවි අනධ්‍යන උද්ඝෝෂණයට ජල ප්‍රහාරයක්
2024 මැයි මස 13 377 0

බත්තරමුල්ල, පොල්දූව හන්දියේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවත්වමින් සිටි උද්ඝෝෂණය විසුරුහැරීම පොලීසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාරයක් එල්ල කළේ



සොබාදහම මට යළි අවස්ථාව දුන්නා
2024 මැයි මස 13 338 6

අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 652 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2159 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1874 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site