(අංජුල මහික වීරරත්න)
එල්.ටී.ටී.ඊ යුද තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.
එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දැනට පදිංචි කිරීමට ඇති පවුල් 2,327න් පවුල් 152ක් අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවල ජීවත්වන අතර ඉතිරි පවුල් 2,175 අවතැන්වූවන් ජීවත්වන සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නෑදෑ හිතවතුන් සමඟ ජීවත් වන බව නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd