(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේශ් කුමාර් චතුර්වේදී මහතා අතර හමුවකදි මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකාව යූරියා පොහොර ලබා දීමේදී චතුර්වේදී මහතාගේ මැදිහත් වීම පිළිබඳ මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ස්තුති කළේය.
දැනට පවතින ණය පහසුකම යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ ක්‍රම සහ කළ හැකි ආකාරය පිළිබඳ මොරොගොඩ මහතා සහ චතුර්වේදී මහතා තවදුරටත් සාකච්ඡා කළහ.
මෙම හමුවට නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව,උපුල් පුෂ්පකුමාර සහ ගාමිණි සරත් ගොඩකන්ද යන මහත්වරුන් සහභාගී වූහ.
COMMENTS
මොකක්ද මේ කළුකඩ අපරාදේ? මේ ගණන්හිලව් අනුව යූරියා ටොන් එකක් ඇ.ඩො 15385ක් වෙනවා. ලෝක වෙළඳපොලේ මිලගණන් අනුව 15 ගුණයක්. මේ මිල ගණන් අනුව කි.ග්‍රෑම් 50 ක යූරියා මල්ලක් රුපියල් 284600. වැටිලා තියන ප්‍රපාතය අනුව දැන්වත් මේ මගඩි නවත්තපල්ලා...
වැඩේ නම් හොඳයි. හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ කොමිස් පප්පෙක් කොනක ඉන්න එක තමයි. මේ වැඩේ රජයයන් දෙකක් අතර ගණුදෙණුවක් කළොත් සාර්ථක වේවි..!
දේශමාමක පරිසර වේදියෙක් මෙන්ම සාර්ථක ගොවියෙක් ලෙස සැලකිය හැකි තිලක් කන්දේගම ශූරීන් කියන්නේ ලංකාවට ඕනෑතරම් (යූරියා) නයිට්‍රජන් අකුණුවලින් ගතහැකියි කියලා.. ඒ සඳහා නියමිත කාලයේ වගාවන් ආරම්භ කරන්න කියනවා.. දැනට අකුණු ලැබෙනවා. එසේනම් කුඹුරු වපුරන්න ඕන අප්‍රේල් 13ට කළින් හා ඔක්තෝබර් 15ට කළින්... එසේම එතුමා කියනවා එහෙම කරන්න බාධාවක් වන්නේ එම කාලයට ජලය නොදෙන නිසා කියලා ඇත්තටම කෘෂිකර්ම බලධාරීන්ට එක් ප්‍රදේශයක නැත්නම් ගමක මේ අදහස පරීක්ෂා කරන්න බැරිද? එහෙම සාර්ථක වුණොත් යූරියා මොකටද? විනිමය ඉතිරි වේද?
රටවැසියා කියන විදිහට අපි අපේ කුඹුරට අකුණක් ගහනතුරු ඉන්න ඕනේ.. පොල්, ගෑස්වලට අකුණු වැදුණත් කුඹුරුවලට අකුණු වදින කතාව මම අහලා නැහැ. කරුණාකර මේ නොකෙරෙන විකාර දේවල් කියන්නේ නැතිව ඉන්න ...