IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යාළුවා මරා රට පනින්න බැරිවේ

(එම්.සුසිල් පියන්ත)

 අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට  විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකරු පිළිබදව කටුනායක ගුවන් තොටුපොළ පාලකවරයාට මේ සම්බන්ධයෙන්  තොරතුරු ලබා දීම නිසා සැකකරුට රටින් පලා යාමට නොහැකිව අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අතින් ඝාතනයට ලක් වූයේ ඔහුගේම මිතුරකු වන අම්බලන්ගොඩ හිරේවත්ත පදිංචි ආර්.ජේ.රොෂාන් කුමාර නමැති හතලිස් දෙහැවිරිදි තිදරු පියෙකි.

අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන් විදුහල් අතර පැවති වාර්ෂික එක් දින කිකට් තරගය නැරඹීමට ගොස් එකට මත් පානය කරමින් සිටියදී ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මේ ඝාතනය සිදුවී ඇති බවද පොලීසිය කියයි.

 



අදහස් (0)

යාළුවා මරා රට පනින්න බැරිවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site