(නිමල කොඩිතුවක්කු)
රට ගිනි තියන පනත් වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කොළඹදී අද (19) පැවැසීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අබමල් රේණුවක හෝ හැඟිමක් ඇති පිරිස් මෙම පනත් පරාජය කිරීමට ඉදිරිපත් විය යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේද කීය.
‘‘රට ගිනි තියන පනත් අද ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටිනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීම පිලිබඳ රජය අළුතින් හඳුන්වාදුන් පනත 2018 වසරේ සැප්තැම්බර් 17 ඉදිරිපත් කළා. ඔක්තෝම්බර් මාසයේ සිදුවූ දේශපාලන පරිවර්ථනයත් සමඟ එම පනත සම්මත කරගැනීමට ඔවුන්ට නොහැකි වූනා.
ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්වීමට පෙර ආණ්ඩුව යළිත් මෙම පනත සම්මත කර ගැනීමට උත්සාහයක් දරනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා නම් තැබුවට මේය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නෙමෙයි.
ත‍්‍රස්තවාදයට නිදහස දෙන රජයට එරෙහිව අරගල කරන වෘත්තිය සමිතිවලට, ශිෂ්‍යයන්ට, වැඩකරන ජනතාවට එරෙහිව පාවිච්චි කරන පනතක් බවට මෙම පනත හදුන්වා දෙන්න පුළුවන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ අබමල් රේණුවක හෝ හැඟිමක් තියෙන කිසිම කෙනෙකුට මේ පනතට පක්ෂ වෙන්න කිසිදු හැකියාවක් නැහැ’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘යහපාලන ආණ්ඩුව රට ගිනි තියන පනත් ගේනවා‘‘