(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව අතීතයේ සිට පවත්වාගෙන ආ නොබැදි විදේශ ප්‍රතිපත්තිය තව දුරටත් ආරක්‍ෂාකරගැනීමට වර්තමාන පාලකයන් කටයුතු කළ යුතු බවත් චීනයට අයත් ‘යුවාන් වැන්ග් 5’ නෞකාව සම්බන්ධ සිද්ධියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්‍ෂ මහතා බලපෑම් කළේ නම් එය හෙළා දකින බවත් ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද (9) පැවසීය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද සම්බන්ධතාවට හානියක් නොවන ලෙස නෞකාව සම්බන්ධ ගැටලුව විසඳාගත යුතු බව කී විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා මෙම සිද්ධියේදී ඇමරිකානු අධිරාජ්‍යවාදී මැදිහත්වීම හෙළාදකින බව ද සඳහන් කළේය.
රුසියානු ගුවන් යානය සම්බන්ධ නඩුව ගාස්තුවලට යටත් ඉවත දමා මේ වන විට සති කීපයක් ගතවී තිබුණ ද රුසියාව සමඟ සම්බන්ධකම් යථාවත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කර නොමැති බවත් රුසියානු ගුවන් යානයකට ඉදිරියේදී එවැනි සිද්ධියකට මුහුණදීමට සිදුනොවන බවට ලිපිය හැකි ඉක්මණින් රුසියාවට යොමු කළ යුතු බවත් වීරසිංහ මහතා කීය.
රට මුහුණ දී තෙල්, ගෑස් බෙහෙත් ආදි ප්‍රශ්නවලට මුහුණ දීමට ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කී වීරසිංහ මහතා සඳහන් කළේ එම ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම්වලට යෑමට නම් අලුත් ජනවරමක් ඇති ආණ්ඩුවක් පිටිහුවිය යුතු බවත්ය.
ලක්‍ෂ සංඛ්‍යාවක් සහභාගි වූ අරගලයේ ඇතැම් සුළු අවස්ථා යොදාගනිමින් තරුණයන් අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය යොදාගැනීමට විරෝධ දක්වන බව ද විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.
ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (9) එසේ පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘යුවාන් වැන්ග් 5’ සිද්ධියට පොහොට්ටුවත් මැදිහත් වෙලාලු
සත්‍යය Wednesday, 10 August 2022 08:04 AM
අධිරාජ්‍යවාදය දශක ගණනාවක් පතුරු ගහපු වචනයක්. කවුරුන් හෝ සැබෑ තේරුම දන්නවාද?
Rohan perera Wednesday, 10 August 2022 10:50 AM
කල් පැනපු කොමියුනිස්ට් පක්ෂය පොඩ්ඩක් පැත්තකට වෙන්න