IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යුවාන් වැන්ග් 5ට විරෝධය දැක්වීම පදනම් විරහිතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව විරෝධය දැක්වීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන සාමාන්‍ය හුවමාරුවකට ඉන්දියාව බාධා නොකල යුතු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළ බව 'ද හින්දු' පුවත්පත පැවසුවේය.

යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය දැඩිව ප්‍රතිචාර දක්වා ඇතැයි 'ද හින්දු' පුවත්පත වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත් ශ්‍රී ලංකාවට තම සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අනිත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගත හැකි බවත් වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.

දෙරට විසින් ස්වාධීනව තෝරාගනු ලබන පොදු අවශ්‍යතා මත ශ්‍රී ලංකාව සහ චීනය සහයෝගීත්වය ගොඩනගා ගෙන  ඇති බවත් එය තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොමැති බවත් වැන්ග් වෙන්බින් මහතා සඳහන් කළේය.

බොහෝ විද්‍යාත්මක ගවේෂණ සිදුකරන නැව්, සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වරායන්හි මීට පෙර නැංගුරම් ලා තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

චීනයේ සාධාරණ මෙන්ම අර්ථවත් විද්‍යාත්මක ගවේෂණය ශ්‍රී ලංකාව සහ චීනය අතර සාමාන්‍ය සහයෝගීතා හුවමාරුවක් බවත් එයට බාධා කිරීමෙන් අදාල පාර්ශ්ව වැළකී සිටිය යුතු බවත් වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.

ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන බව පවසමින් ශ්‍රී ලංකාවට අනවශ්‍ය පීඩනයක් එල්ල නොකළ යුතු බව වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (1)

යුවාන් වැන්ග් 5ට විරෝධය දැක්වීම පදනම් විරහිතයි

fairoos Tuesday, 09 August 2022 12:08 PM

ඒකනේ. උදව් කරපු අත සපාකෑමක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site