(කාංචන කුමාර ආරියදාස)
යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නා හිමියෝ අවධාරණය කරති.
කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, උයන්වත්ත රජමහ විහාරස්ථානයේදී අද(27) මාධවේදීන් පිරිසක් හමුවේ අදහස් පළ කළ උන්වහන්සේ කියා සිටියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා නින්දෙන් ඇහැරුණු ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාවද බරපතල ප්‍රශ්නයකට මැදි වී සිටින බවය.
පුරාවිද්‍යා ස්ථානයක් නම් කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නම් කළ යුතුව තිබෙන බවත් කුරුණෑගල සිද්ධිය එවැනි කිසිදු සාධකයක් නොමැති ව ක්‍රියාත්මක වූ වකවානුවක් දක්නට ඇති බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වැඩිදුරටත් අදහස් දැක්වූ සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහනායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ මෙසේද පැවසූහ.
"පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම වෙනුවෙන් තමයි සුද්දා මේ පනත් අණපනත් නිර්මාණය කළේ. ඒ නිසා තමයි අදටත් රුවන්වැලි මහ චෛත්‍යය ලෝකවාසී ජනතාවට වන්දනාමාන කරන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. අද පුරාවස්තුන් යැයි පවසමින් ජනතාවට වන්දනාමාන කර ගැනීම සඳහා අතීත මුතුන් මිත්තන් ඉදිකළ බොහෝ දේ නටඹුන් බවට පත්කරගෙන තිබෙනවා. ඒ වගේම අවුරුදු 100ක් පැරණි දේ පුරාවස්තුවක් ලෙස සලකන ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක වෙනවා. ඒක මහ විහිළුවක් පුරාවිද්‍යා පනත සංශෝධනය කොට වහාම නටඹුන් වෙලා තියෙන බෞද්ධ ස්ථාන මහජනතාව වැඳ පුදා ගැනීම සඳහා සූදානම් කළ යුතු කාලය එළඹිලා තියෙන්නේ. අද අනුරාධපුරේ එවැනි දාගැබ් රැසක් පවතිනවා. ලංකාව පුරාම 90% කටත් වඩා බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන කැලෑවට ගොස් ඹුන් බවට පත්වෙලා ජනතාවට වැඳපුදා ගැනීමට හෝ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව පේනවා."
"පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කුරුණෑගල සිද්ධිය ගැන උදේට එකක් කියනවා හවසට තව එකක් කියනවා. එහෙම විය යුතු නැහැ. වහාම තමන්ගේ කාර්යභාරය මැනවින් පැහැදිලි කර ගත යුතුයි. එහෙම නැති නිසා ජනතාවට විහිළු සපයන තනතුරක් බවට පත් වෙලා තියෙන්නෙ."
"වර්තමාන ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා පුරාවිද්‍යා පනත කඩිනමින් සංශෝධනය කොට පුරාවිද්‍යාව පිළිබඳව හසළ දැනුමක් ඇති කණ්ඩායමක් සමග සාකච්ඡා කොට දිවයින පුරා ඇති පුරාවිද්‍යා ස්ථාන ලේඛනගත කළ යුතුයි. ඒවා සංරක්ෂණය කිරීම මෙන්ම වැඩිදියුණු කිරීමට ඇති ස්ථාන සොයා බලා ඒවා ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන පරිදි සූදානම් කළ යුතුයි. පැරණි තත්ත්වය පිළිබඳව ඡායාරූප වීඩියෝ ගත කොට ඒවා සංරක්ෂණය කර, පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු සඳහා අවැසි මංපෙත් විවර කර තිබීම මෙමගින් සිදු කළ යුතුයි."
""පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම් සිදු කරන අවස්ථාවන්හි දී මහා සංඝරත්නයේ අනුශාසනා ලබා ගැනීමට ද රජයේ අවධානය යොමු කළ යුතුයි. පුරා විද්‍යා දැනුමක් ඇති මහ සඟරුවන ඕනෑතරම් මෙරට වැඩ සිටිනවා.ඒ සඳහා ඕනෑම අවස්ථාවක දායකත්වයක් ලබාදීම සඳහා සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා" යැයි ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නා හිමියෝ පැවැසූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘යල් පැනගිය පුරාවිද්‍යා පණත වහා සංශෝධනය කළයුතුයි’
Kooralage Thursday, 27 August 2020 04:07 AM
දැන් තියෙන පනතටත් අවනත නොවී... පුරාවිද්‍යා ස්ථාන පොළොවට සමතලා කරානම් අලුත් පනත් ගෙනෙල්ලා ඉතුරු පුරාවස්තු ටිකත් විනාස කරලා දමයි.
dhamneth Thursday, 27 August 2020 06:28 AM
මේ රටේ සම්පත් ස්වදේශිකයන් විසින් විනාශ කිරීම වැළැක්වීමට සුද්දන් විසින් වැදගත් පනත් කිහිපයක්ම ගෙන තිබෙනවා. වනජීවී සහ වන රක්ෂණ පනත් ඉන් කීපයක්... ඒ වගේම සුද්දන් වගාකළ වතුවල ජලය හා වර්ෂාව පවත්වා ගැනීමට වනාන්තර ඉතිරි කර තිබුණා. මේවා හුළං කපොලු ලෙස ගම්මු හඳුන්වනවා. වතු රජයට පවරාගත් ගමන් ඒවා දේශපාලන හෙන්චයියලා කපාගත්තා කියලා ඒ දවස්වල නිතර මාධ්‍ය මගින් පලකළා.