IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යල කන්නයට පොහොර ගන්න ගොවීන්ට සහනාධාරයක්

(ඩයනා උදයංගනී)

එළඹෙන 2023 යල කන්නයේ වී වගාව සඳහා පොහොර ලබාගැනීමට ගොවීන් වෙත  මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

හෙක්ටයාරයකට රුපියල් 20,000ක් බැගින් වන සේ උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් සඳහා ගොවීන්ට මෙම මූල්‍යාධාරය ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එමෙන්ම මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 300ක මුදලක් ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.

මීට පෙර මේ සඳහා රුපියල් කෝටි 1000ක මුදලක් වෙන්කර තිබූ අතර, එය කෝටි 1,300ක් දක්වා වැඩිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙලෙස ලබාගන්නා වී වලින් නිෂ්පාදනය කරන සහල් කිලෝ 10 බැලින් මාස දෙකක කාලයක් සඳහා අඩු ආදායම්ලාභී පවුල් ලක්‍ෂ 28,50,000 කට ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා කීවේය.



අදහස් (0)

යල කන්නයට පොහොර ගන්න ගොවීන්ට සහනාධාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site