(අංජුල මහික වීරරත්න)
2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මීළඟ යළ කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැත්වූ සාකච්ඡාවේ දී මේ සඳහා එකඟත්වය පළ කරන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය.
මහ කන්නයේ වී වගා කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර බොහෝ ප්‍රදේශ වල අස්වනු නෙළමින් පවතී.
පසුගිය දිනවල පැවැති වර්ෂාවත් සමග සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග හා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ හා වැව්වල වගාවට අවශ්‍ය තරම් ජලය පවතින හෙයින් වී වගාවට අවශ්‍ය ජලය ලබා දීමට එකඟත්වය පළ කරන ලද බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යලට ඇති තරම් ජලය