යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගත්තේය. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.
ප්‍රහාරයෙන් බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව යුක්රේන මාධ්‍ය වාර්තා පවසයි.
යුක්රේන රජය වෙනුවෙන් රජයේ ප්‍රකාශක අන්ද්‍රේ ටුස් වීඩියෝ පණිවුඩයක් මගින් දන්වා සිටියේ, රුමියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් බලාගාරයට හානි සිදුවී ගින්න හටගත් බවත් බලාගාරයෙන් විකිරණ කාන්දුවක් වීමේ අවදානමක් පවතින බවත්ය.
එසේ විකිරණ කාන්දුක් සිදුවුවහොත් එය දරුණු ඵලවිපාක ගෙනෙනු ඇතැයි බිය පළ කෙරේ. යුක්රේනයේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට දායකත්වය ලබා දෙන්නේ මෙම න්‍යෂ්ටික බලාගාරය යැයි පැවැසෙයි.
මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් දරුණු වේවි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති. චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය.
1986 වසරේ අත්හදා බැලීමේ කටයුත්තක් සිදුවෙද්දී චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියේය. එයින් සිදුවුණු හානිය යුක්රේනයට පමණක් නොව අසල්වැසි යුරෝපා රටවලටත් බලපෑවේය. මේ වනවිට, බෙලරූසය දෙසින් යුක්රේනයට කඩා වැදුණු රුසියන් හමුදා චර්නෝබිල් බලාගාරය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්