IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ

(විමුක්ති එස් රුද්‍රිගු)

යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් යේමනයෙන් පිටත්වීම සඳහා එරට අගනුවර වූ සනාහි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඊශ්‍රායල හමුදා ගුවන් තොටුපොළට බෝම්බ හෙළා ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

ඊශ්‍රායලය සහ යේමනය අතර උත්සන්න වෙමින් පවතින අර්බුදය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා දැඩි අවධානයෙන් පසුවන බවද එම ප්‍රකාශයේ දැක්විණි.

ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් ප්‍රකාශ කර සිටියේ සිය නායකත්වයෙන් යුත් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ගුවන් යානයේ අසුන් ගැනීමට යන අවස්ථාවේදී ඊශ්‍රායල ගුවන් හමුදාව සනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත බෝම්බ හෙළු බවය. සිය කණ්ඩායමට අනතුරක් නොවූවත් පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉන් තුවාල ලැබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසුවේය.

එසේම සිය කණ්ඩායම සිටි තැනට මීටර් කීපයක් දුරින් තිබුණු ගුවන් ගමනාගමන පාලන කුළුණ සහ පිටත්වීමේ විවේකාගාරයට බෝම්බ හෙළීම හේතුවෙන් හේතුවෙන් හානි වූ බවද ගේබ්‍රියේසිස් පැවැසුවේය. නැවත පිටත්වීමට බෝම්බ හෙළීමෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය අලුත්වැඩියා කරන තෙක් බලා සිටීමට සිදුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.



අදහස් (3)

යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ

Shelton Saturday, 28 December 2024 06:35 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මුවාවී යේමන් ත්‍රස්තවාදීන්ට හොර රහසේ උදව් කරන මොවුන්ගේ වැඩ එළිවූ මොහොතක්...

:       9       2

ජයනාත් Saturday, 28 December 2024 09:21 AM

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එකතු වෙලා මැද පෙරදිග හා යුරෝපා රටවල් අමුතු විදියට සුද්ද කරනවා. ළමයින්, කාන්තාවන් ඇතුළු අහිංසකයින් මැරෙන එකේ සීමාවක් නැහැ. කුඩා රටවල් තවෙකෙකුට එරෙව්වත් ඇති සම්බාධක පනවන්නට...

:       1       8

fairoos Saturday, 28 December 2024 12:43 PM

අවුලක් නෑ. ඊශ්‍රායලයනේ බෝම්බ දැම්මේ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site