IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාපනය ජනාධිපති මන්දිරය බදු දෙන ගිවිසුම අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT)  බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (16)  සිදුවිය.

යාපනය කන්කසන්තුරේ පිහිටි  මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා  වසර 50 කාලයකට දෙනු ලැබුණි.

මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන සහ නිවාස  අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට  නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් කැනේඩියා ආයෝජන සමාගමේ සභාපති indy pathmanathan සහ  ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහත්වරු  ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ  සහභාගී වූහ.



අදහස් (4)

යාපනය ජනාධිපති මන්දිරය බදු දෙන ගිවිසුම අත්සන් කරයි

විජිත් Monday, 16 October 2023 02:53 PM

කවුරු කොහොම කළත්... මේ ආයෝජනය කරන මුදල නම් "ප්‍රශ්න සහගතයි". රුපියල් බිලියන 5000ක් කියන්නේ අද ඩොලර් බිලියන 12 කටත් වැඩියි. අනික මෙහි ගොඩනැගිලි පවා ඉදිකර අවසන්... මේ ආයෝජනය පසුපස "කොරගහන, ගඳගහන, ගම්පහ කප්පම් බඩා" සිටින්න බැරි නැහැ, ඒ වගේමයි බඩාට ප්‍රංශයේ ද්‍රවිඩ ජාතිකයින් හරහා කැනඩාවේ සම්බන්ධකම් තිබෙනවා.. ඒ බව මම පුද්ගලිකවම දන්නවා. (ජාතික ජනබලවේගයේ අවධානය පිණිසයි)

:       7       14

බලවේගයMonday, 16 October 2023 05:01 PM

ඔය කියන බලවේගයම තමයි හම්බන්තොට ගල හොයාගත්තේ. ඒ වගේම පෝට් සිටිය හදන්න ලංකාවේම කළුගල් මදිවෙන බව හොයාගත්තේත්...!

:       6       6

Don Monday, 16 October 2023 04:50 PM

රුපියල් බිලියනයක් කියන්නේ කෝටි 100ක්. කෝටි 100 ඒවා 5000 කියන්නේ අතිශය ඉහළ වියදමක්. බුදු අම්මෝ...! කෝටියේ ඒවා ලක්ෂ 5ක් කියන්නේ රුපියල් ට්‍රිලියන 5ක්... මේ ඇත්තද කියන්නේ?

:       0       8

Perera Tuesday, 17 October 2023 08:42 AM

රාජපක්ෂලා හොරාකාපුවා ඔවුන්ගේ වාසියටම ආපහු එනවා වෙන්නත් බැරි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site