IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යනවා

තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම ග්‍රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ.

‘2013 ඩබ්ලිව්.වී.44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. මෙය ගමන් කරන්නේ තත්ත්පරයට කිෙලා් මීටර් 11.8 ක වේගයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.3 ක් දුරිනි.

බටහිර තාරකා විද්‍යාඥයන් ඉංග්‍රීසි බසින් ‘ඇස්ට්‍රොයිඩ්’ යනුවෙන් හැදින්වෙන ග්‍රහ වස්තු, ‘ග්‍රහක’ ලෙස සිංහලෙන් හැදින්වෙයි. බොහෝ දෙනා මේවාට ‘ග්‍රාහක’ යැයි කියයි. ‘ග්‍රාහක’ යන වදනේ අදහස ‘ග්‍රහණය කර ගැනීම’ යන්නය. ‘ඇස්ට්‍රොයිඩ්’ යන වදන සිංහලෙන් ‘ග්‍රාහක’ නොව ‘ග්‍රහක’ විය යුතු යැයි බොහෝ විද්වතුන්ගේ මතය වි තිබේ.



අදහස් (4)

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යනවා

Indika Wednesday, 28 June 2023 11:34 AM

"මෙය ගමන් කරන්නේ පැයට තත්ත්පර 11.8 ක වේලයකිනි." පළ කරන්න කලින් චෙක් කරන්න. වැරදීම් වැඩියි ලගකදී ඉදල.

:       2       24

ගැමුණු Wednesday, 28 June 2023 02:11 PM

මෙය ගමන් කරන්නේ තත්ත්පරයට 11.8ක වේගයකිනි... මේ වේගය ගැන අදහසක් නෑ. කෙසේ වෙතත් ලොකු වේගයක් වෙන්න ඇති...

:       2       2

නිහාල් Wednesday, 28 June 2023 03:34 PM

පුත්තලමටවත් වැටුණා නම් බුරුවන් පාර්ලිමේන්තු එන එක නවතියි...

:       0       4

Sisira Kumara Thursday, 29 June 2023 06:04 AM

දියවන්නාවේ ඇති ගව පට්ටියට වැටෙන්න හැකියාවක් තිබුනොත් තමයි හොඳ. එතකොට ලෝකය කෙසේ වෙතත් ලංකාවටනම් හොඳ කලක් උදාවේවි .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site