IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුද හමුදාව-ඉන්දියාව එක්ව හැදූ කෘත්‍රිම අත් පා බෙදාදෙයි

(ගයාන් සූරියආරච්චි සහ වත්තල ස්ටැනිස්ලස් පයස්)

යුද හමුදාව සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහයෝගීතාවයෙන් රාගම රණවිරු සෙවණ යුද හමුදා පුනරුත්ථාපන මාධ්‍යස්ථානයේදී නිෂ්පාදනය කළ කෘත්‍රිම අත් පා යුද හමුදා සාමාජිකයන්ට සංකේතාත්මකව බෙදාදීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී යුද හමුදා සාමාජිකයින් 04 දෙනෙකු වෙත සංකේතාත්මකව කෘතිම අත් පා පරිත්‍යාග කිරීම සිදුකෙරුණු අතර කෘතිම අත් පා නිෂ්පාදනය කිරීම සඳහා විශේෂඥ දැනුම ඉන්දිය ජාතකයින් 8 දෙනෙකුගේ සම්පත් දායකත්වයෙන් ලබාදී තිබේ.

අවශ්‍යතා සහිත යුද හමුදා සාමාජිකයින් 375 දෙනෙකු සඳහාද  ගුවන්, නාවික හා පොලිසියේ සාමාජිකයින් 75 දෙනෙකු වෙනුවෙන්ද කෘතිම අත් පා බෙදා දීමට නියමිත අතර ඊට අමතරව සිවිල් වැසියන් 200 දෙනෙකු සඳහාද කෘතිම අත් පා බෙදාද දීම සඳහා සැලසුම් කර ඇති බව යුද හමුදාව පවසයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා,  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)  සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා රාගම රණවිරු සෙවණේ සේනාවිධායක ඇතුළු යුද හමුදා සාමාජිකයෝ පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

යුද හමුදාව-ඉන්දියාව එක්ව හැදූ කෘත්‍රිම අත් පා බෙදාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site