IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුද-නාවික සෙබළු ලක්ෂ 50ක ගංජා සමග මාට්ටු

(බී.ජී. චතුරංග)

මහනුවර - යාපනය ඒ-9 මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ  මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50කට අධික කේරල ගංජා සමග යුද හමුදා සෙබළකු සහ නාවික හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ  පාබල හමුදාවේ, සාම්පූර් ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිටි හමුදා සෙබළකු සහ  යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සෙබළකු බවත් අත්අඩංගුවට ගත් අනිත් පුද්ගලයා පෙරුම් නුනන්කාවිල්, චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි,

යුද සහ නාවික හමුදා සෙබලා සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ තුන බැගින් සොයා ගත් බවත් අනිත් සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝ හතරක් සොයා ගත් බවත්, අත්අඩංගුවට ගත් එම කේරල ගංජා කිලෝ 10හි, වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 50 ඉක්මවන බවද පොලිසිය සඳහන් කළේය.

කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. මංගල සමන් කුමාර වික්‍රමනායක මහතාගේ උපදෙස් සහ මෙහෙයවීමෙන් පූනෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම් සිදු කලහ.



අදහස් (1)

යුද-නාවික සෙබළු ලක්ෂ 50ක ගංජා සමග මාට්ටු

සත්‍ය ගවේෂී. Monday, 01 May 2023 05:14 PM

හමුදාවේ පොලීසියේ හොරකම් හා මෙවැනි දේ කරන අය අතීතයේත් සිටියා.ඒත්,ඒ කාලයේ පැවැති බිහිසුණු වාතාවරණය නිසා ඒවා ගැන එතරම් සොයා බැලීමක් තිබුණේ නැහැ.හොඳ අවංක නිලධාරීන් එදත් සිටියා.අදත් සිටිනවා.ඒ අයට අපේ ප්‍රණාමය.ඒත්,මේ වැනි හමුදාව පොලීසිය විනාශ කරනා අයගෙන් හමුදාව හා පොලීසිය බේරාගත යුතුව ඇත.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site