IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම සතුටක් - පුටින්

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදීමෙන් කතා කරයි.

යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා සෞදියේ දී පැවැත්විණි. ඊට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රමුඛ ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ප්‍රමුඛ රුසියන් නියෝජිත කණ්ඩායම සහභාගී විය.
යුක්රේන රුසියන් යුද්ධයට අමතරව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ යහපත් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත. ජනාධිපති පුටින් මීට පෙර පවසා තිබුණේ තමන් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා නොකරන බවය. කෙසේ නමුත්, මේ වනවිට පුටින් සිය තීරණය වෙනස් කර ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් මැදිහත්වීම සතුටක් - පුටින්

රට වැසියා Thursday, 20 February 2025 09:21 AM

අයියෝ පුටින් අයියට සිද්ධ වෙච්ච දේ! දිනන්න බැරි යුද්ධයක් පටන් අරන් නා ගත්තා - ට්‍රම්ප් අංකල් අන්තිමේදි වැඩකාරයා වුනා!

:       11       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 229 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 425 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 172 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site