IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න

 

(අමිල චින්තක ගමගේ) 

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කරන්නේ තමන්ගේ මියගිය අය සමරණ අයිතිය උතුර දකුණ බේදයකින් තොරව සැමටම ලැබිය යුතු බවයි.

යම් යම් කොන්දේසි සහිතව උතුරේ මියගිය අය සැමරීමට ඉඩ දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් දකුණෙත් එවැනි සැමරුම් කිරීමට ඉඩ දෙන්නේ කොන්දේසි දමා දැයි ප්‍රශ්න කරන බව ජන අරගල සන්ධානය විමසා සිටි.

දෙමළ ජනතාව මියගිය අය සමරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොවන බවත් එවැනි තත්ත්වයක් තුළ දෙමළ ජනතාවට පමණක් කොන්දේසි දමමින් ඔවුන් හිර කිරීම අසාධාරණ බවද ජන අරගල සන්ධානය සඳහන් කර සිටී.

 



අදහස් (11)

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න

පිටරටවැසියා Tuesday, 26 November 2024 08:42 PM

කිසිම කොන්දේසියක් නැතුව මේගොල්ලන්ව ජනතාව ඡන්දෙදි සැමරුවා...

:       0       7

de silva Tuesday, 26 November 2024 09:02 PM

මම හිතන විදිහට මැරුණු කෙනෙකු මතක් කොට දානයක් දීම හෝ වෙනත් පුණ්‍ය ක්‍රියාවක් කළාට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. මේ කොටි කොඩි අරන්, හමුදාවට අපහාස කරමින් පෙළපාලි යන එක හෝ අයුතු ජනරාශි කරමින් රටේ අවුල් වියවුල් කරන එක අනුමත කරන්න බැහැ. ප්‍රභාකරන් කියන පුද්ගලයා සහ ඔහුගේ සංවිධානය මහත්මා ගාන්ධිට හෝ අනගාරික ධර්මපාලතුමාට හෝ ඔවුන්ගේ අවිහිංසාවාදී ව්‍යාපාර වලට සම කරන්න බැරි බව කවුරුත් තේරුම් ගන්න ඕනේ. කවුරු මොනවා කීවත් සාධාරණ හේතුවක් නැතුව රටේ ආරක්ෂක නිලධාරීන්ට පරිභව කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ...

:       0       8

ගමේ එකාලා Tuesday, 26 November 2024 09:03 PM

නොවැම්බර් කියන්නේ මළවුන් සමරන කාලයයි. කිතුණුවෝ ඒ වෙනුවෙන් බොහෝ දේ කරනවා. උතුරේ ජනතාවටද ඉඩක් දිය යුතුයි.

:       1       1

karolis Tuesday, 26 November 2024 10:00 PM

එහෙනම් කොටි කොඩිය වන වන සමරන්නේ ඇයි? දකුණේ මිනිස්සු මළවුන් සමරන්නේ සුදු ඇඳලා. උතුරේ අයට කහපාට, රතු පාට අවශ්‍ය ඇයි මළවුන් සමරන්න...?

:       0       6

Sujeewa Wednesday, 27 November 2024 12:50 AM

දවල්ද?

:       0       3

වික්‍රම විදුර Wednesday, 27 November 2024 05:05 AM

දුක සමරන්න ද? යුද්ධයෙන් මියගිය අය ගැන දුක්වෙන්න ඕන.. සමරන්නේ සතුට.. සතුටු කාරණය යුද්ධය ඉවර වුණ එක.. නමුත් යුද්ධයම දුකක් වුණු එක ඒක‌ෙ සමරන්න දෙයක් නැ. තම තමන් දුක්වෙලා ගෙවල් වල කරන දෙයක් කරා නම් ඇති..

:       0       7

Shelton Wednesday, 27 November 2024 05:06 AM

එකඟයි,සිංහල ජනතාවට අයිතියක් තියෙනවා නම් ඉල්මහ සැමරුමක් ගන්න දෙමළ ජනතාවටත් ඒ අයිතිය තිබිය යුතුමයි.හාමුදුරුවරුන්ගේ මූලිකත්වයෙන් මෙතෙක් ගෙන ගිය සිංහල දෙමළ ජාතිවාදී වෛයිරය නවතා සුහදත්වය ඇතිකිරීමට අලුත් රජය අලුත් පියවරක් ගතයුතුයි.

:       7       6

Mendis BoossaWednesday, 27 November 2024 01:34 PM

ඔයා යුද්ධය කාලේ කොහෙද හිටියේ..?

:       0       5

[email protected] Wednesday, 27 November 2024 10:14 AM

ඒ සරේ මූ මොකාටද එන්න අදන්නේ.

:       0       12

asanka Wednesday, 27 November 2024 10:37 AM

එල්ටිටිඊ සංවිධානය කියන්නේ ලංකාවේ පමණක් නෙමයි තවත් රටවලත් තහනම් සංවිධානයක්.

:       0       14

helaya Wednesday, 27 November 2024 11:57 AM

ඒ මිනිස්සු ඉල්ලන්නෙ කොටි සමරන්න නෙමෙයි. තමුන්ගෙ මැරිච්ච මිනිස්සු සමරන්න. හැදි ගෑවිලා ඉන්නෙ විපක්සෙ. බොරු බිල්ලො මවන් නැතුව හිටියා නන් මේ වගේ දේවල් ලොකු නිව්ස් වෙන් නෑ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 636 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site