IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවැසුවේය.

මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

තමන් 2013 වසරේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට ගිය අවස්ථාවේ යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳ අසා දැනගත් බවත් එහිදී යුද්ධයෙන් පීඩා විඳි සියලු දෙනාටම යුක්තිය, සත්‍ය සහ වගවීම වෙනුවෙන් එක්සත් රාජධානියේ සහාය ලබාදීමට කැපවන බව ප්‍රකාශ කළ බවත් ඩේවිඩ් කැමරන් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා එක්සත් රාජධානිය අඛණ්ඩව නායකත්වය ලබාදෙන බවද ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (16)

’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්

Alfread Saturday, 18 May 2024 09:00 PM

ආදරනීයයන් ලංකාවෙ හොයන්න තොට පිස්සුද යකෝ. එදා ලංකාවෙන් පැනල ආපු 50,000ක් විතර එක්ක ඉන්දියාවෙනුත් ලක්ශ 5ක් විතර ගෙන්න ගත්ත නේද. උඹලගේ අමාරු හොඳ වෙන්නේ උන් එංගලන්තෙනුත් කෑල්ලක් ඉල්ලපු දාට. අන්න එදාට අපේ සහයත් උන්ට දෙනවා මතක තියාගන්.

:       6       109

Jude Saturday, 18 May 2024 09:03 PM

තොපි යුක්‍රේන මිනිස්සු ලක්ශ 5ක් මරා ගත්තා, ලක්ශ 10ක් විතර අබ්බගාත කරා. ඊශ්‍රායලේ 3000ක් විතර මැරිච්ච එකටයි, පලස්තීනේ 40000ක් විතර මැරිච්ච එකටත් උඹලම තමයි වගකියන්න ඕනේ. නෙදකින් උඹලගේ බල තන්හාව.

:       2       77

ජයනාත් Saturday, 18 May 2024 09:14 PM

අතුරුදන් අය හොයා ගන්න පුළුවන් යුරෝපා සංගමයෙ රටවල් වලින් . අන්න එයාලට පුරවැසි බව දීපල්ල . ඊට පස්සේ ලංකාව ගැන හොයන්න ඕන නැහැ .

:       5       58

Lankabarana Saturday, 18 May 2024 09:28 PM

යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සදහා සහාය වීමට පෙර තොපි අපිව යටත්කර ගෙන සිටි කාලයේ ලංකාවෙ වැසියන්ට සිදුවූ පීඩාවන් හා රටේ ධනය සූරාකෑම ජාතික වීරයන් මරාදැමීමට කටයුතු කිරීම හා ලංකාවෙන් ගෙනගිය සියලු සම්පත් සම්පූර්ණයෙන්ම ආපසු ගෙවීමට කටයුතු කරපල්ලා

:       4       69

Prabha Saturday, 18 May 2024 09:35 PM

ඉතින් ඒ පවුල් සියල්ලන් එංගලන්තයට ගෙන්න ගත්තා නම් ඉවරයි නේ..

:       5       74

Nihal Saturday, 18 May 2024 10:17 PM

මේ කියන්නේ ගාසාවල 32000 ,ඉරාකේ, සිරියාව ලිබියාව ගැන ඝාතන ගැනනේ

:       1       19

Kule Saturday, 18 May 2024 10:34 PM

මූ තාමත් කොටි හොල්ලන්ඩයස් ?

:       0       14

චන්දිම ෆොන්සේකා Sunday, 19 May 2024 12:13 AM

කොටි ගම් වලට පැනලා මරලා දාපු මිනිස්සු ගැන, අනුරාධපුරේදී මරපු අය ගැන, කිතුල් උතුවේදී කල සඟ සංහාරය, දළදා මාලිගාව, මහා බැංකුව, මාවිල් මාරුව, තව හිසේ කෙස් ගානට තියෙන කොටින් කල අපරාධ කිසිවක් අපේ මෝඩ මිනිස්සු ලෝකෙට ප්‍රචාරය කරන්නේ නැහැනේ. ඉතින් ලෝකේ පුරා ප්‍රචාරය යන්නේ අපි මේ නිකම් ඉන්න බැරුව යුද්දේ කරලා අහිංසක දෙමල මිනිස්සුන්ව මරුමුවට පත් කළා කියලා. මම හිතන්නේ රුපවාහිනි සංස්ථාවේ වීඩියෝ දර්ශන සියල්ල එකතු කර කොටි කල සියලු අපරාධ මෙන්න මේ වගේ වෙලාවලට පිළිතුරු ලෙස ලෝකෙට ඉදිරිපත් කලයුතුයි.

:       0       8

wicky Sunday, 19 May 2024 03:03 AM

ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදීන් ලංකාවේ අනික් පළාත් වලට කරපු විනාශ හා මිනිස් ඝාතන හා එයින් අවතැන් වූවන් ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නෑ

:       0       13

Vithana Sunday, 19 May 2024 04:46 AM

ශ්‍රී ලංකාවේ මැරුණු අය ගැන දුකයි ඒත් අර පලස්තීනයේ මේ මොහොතෙත් මැරෙන දහස් ගාණක් ජනතාව දරු පැටවු ගැන දුකක් නෑ විතරක් නෙවෙයි ඒ අහිංසකයන්ව මරන්න ඊශ්‍රායලයට ආධාරත් දෙනවා ඔයා.

:       1       2

රනේ Sunday, 19 May 2024 05:51 AM

ඉතිං ලංකාවෙ අපි ඔක්කොම යුද්දෙන් පීඩා විඳපු අය. දෙන දෙයක් රටටම දෙන්නකො.

:       1       14

ජගත් බන්ඩාර Sunday, 19 May 2024 07:18 AM

අතීතේ ඉදන් රටවල් මංකොල්ල කාල, මිනිස්සු මරල දැන් සුදනො වෙන්න හදනව ඒවට ප්‍රසිද්දියේ සමාව ගත යුතුයි. දඩුවම් ලැබිය යුතුයි. නැතිනම් කට වහගෙන තමන්ලගෙ වැඩක් බලා ගත යුතුයි. හිගන්නො......

:       0       22

ජගත් ලියනගේ Sunday, 19 May 2024 09:41 AM

ඔයිට වැඩිය අමානුෂික තත්ත්වයක් පලස්තීනයෙ තියෙනවා . අපේ දේවල් හොයන්න කලින් ඒවා ගැන සොයා බැලුව නං හොඳයි .

:       1       13

Asanga samantha Sunday, 19 May 2024 10:21 AM

මූටනම් පුදුම අරකේ අමාරුවක් තියෙන්නෙ මූන් ගන.

:       0       12

අරවින්ද මොනරවිල Sunday, 19 May 2024 10:40 AM

එංගලන්තය හෙවත් මහ බ්‍රිතාන්‍ය ලෝකයේ රටවල් 56 බලහත්කාරයෙන් යටත්කර ගෙන ඒවායේ වැසියන් දස දහස් ගණන් ඝාතනය කෙරුවා. ඒ අතර කුඩා දරුවන් කාන්තාවන් සිටි බවත් ඔවුන්ගේ දේපල කොල්ල කෑ බවටත් ඒ රටවල දියමන්ති රන් රිදි මුතු මැණික් ඇත් දළ වැනි වටිනා සම්පත් පැහැරගෙන තම රටට ගෙන ආව බවත් දැන හෝ නොදැන කෑමොර දෙන කැමරන් ගොයියාට ඒවා මකත්කර දෙන්න තරම් පිට කොන්දක් තියෙන එකෙක් ලංකාවේ ආණ්ඩුව කියන බම්බුවේ නැහැ.

:       0       20

Nilantha Sunday, 19 May 2024 01:00 PM

ඔය comment කරන අයට එන්ගලන්තය පැත්තෙ යන්න හම්බුනා නම් කොහොමද?

:       23       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site