(නිමල් ජයරත්න)
යුද්ධය නිමාවී වසර දහතුනකට පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා ප්‍රදේශ්යේදී ප්‍රථම සිංහල පාසල විවෘත කිරීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) වෙනිදා සිදු ෙකරිණ.
සිරි සීලාලංකාර සිංහල විද්‍යාලය ලෙස නම්කරන ලද මෙම විදුහල සඳහා ගම්මාන කීපයක සිසුන් විසිපස් දෙනෙකු අද (24) දා ඇතුළත් කරගත් අතර වසර 30 ක යුද්ධය පැවති කාලයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල පාසල් දාහතක් වැසී ගොස් තිබිණි.
මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති අතර මෙම උත්සවයට සමගාමීව මඩකලපුව දිස්ත්‍රීක්කයේ දහම් ප්‍රබෝධය පැතිරීම සඳහා දමිල දරුවකු ඇතුළු සිව් දෙනෙක් සසුන් ගත කිරීමට ද කටයුතු කළහ.
පැවති කුරිරු යුද්ධයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සිටි සියලු සිංහල ජනතාව දකුණු පළාත දක්වා ගමන් කළ බවත්, යුද්ධය අවසානයෙන් පසු පවුල් දෙසීයක් පමණ මඩකලපුව දිස්ත්‍රික්කයට පැමිණියද අධ්‍යාපන අයිතිවාසිකම් එම් පවුල් වලට නොතිබුණ අතර පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතීන්ගේ දායකත්වයෙන් අද (24) වෙනිදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරම්භ වු මෙම පළමු සිංහල විද්‍යාලය ඉතිහාසගත වන විද්‍යාලයක් වන බව මඩකලපුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මන්ඩලයේ ලේඛකාධිකාරී දේවගල දේවාලංකාර නාහිමියන් සඳහන් කළහ.
මෙහිදි උත්සව සභාව අමතමින් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ සෙසු ජාතීන්ට සේම මඩකලපුව දිස්ත්‍රික්කයේ සෙසු ජාතින්ට මෙන්ම සිංහල ජනතාවටද සමාන අයිතිවාසිකම් සහ අධ්‍යාපනයේ අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ සමහර දේශපාලනඥයින් බෙදුම්වාදය ඇති කිරිිමෙන් සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, එය දේශපාලන වාසි උදෙසා සිදුකරන බවත්, පළාතේ ජීවත් වෙන සියලු ජනතාවට සමානාත්මතාවය හිමිවන පරිදි කටයුතු කළ යුතු බවද යහම්පත් මහත්මිය සඳහන් කළාය.
මෙම අවස්ථාවට, පරිත්‍යාගශීලීන්, දානපතීන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුද්දෙන් වැසුණු පාසල වසර 13 කට පසු යළි විවෘත වෙයි
කිරිපුතා Thursday, 24 March 2022 06:40 PM
විය යුතු දෙයක්. දැකීමත් සතුටුයි...!
M.p.c.k.kumara Friday, 25 March 2022 09:20 AM
මෙය ජාතියේ අවශ්‍යතාවයක්... අපි කාගෙත් වගකීමක්...
Bunny Preena Friday, 25 March 2022 10:28 AM
බොහොම සතුටුයි. විශ්මයට කරුණ නම් මෙම කටයුත්ත කිරීමට අවුරුදු 24ක් වැනි දීර්ඝ කාලයක් ගත වීමයි.