
(යොහාන් භාසුර)
රුහුණු විශ්වවිද්‍යාලයීය ඒඅයිඊසීඊසී සමාජය අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල ප්‍රජාව මූලික කරගෙන පැවැත්වෙන ‘යූත් ස්පේස් 3.0’ වැඩසටහනේ දෙවැනි අදියර මේ මස 15 සහ 22 දෙදින නායකත්ව පුහුණුව සහ විවිධ රැකියා ක්ෂේත්‍ර පිළිබඳව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
විවිධ රැකියා ක්ෂේත්‍ර සම්බන්ධව ඒ ඒ ක්ෂේත්‍රයන්වල ප්‍රවීණයන් සමගින් විද්වත් කතිකාවතක් මෙන්ම එදින රැකියා මාර්ගෝපදේශන වැඩමුළුවක් ද පැවැත්වීමට නියමිතය.
දිනෙන් දින දියුණු වන ලෝකය සහ නව තාක්‍ෂණය ඔස්සේ යමින් සම්ප්‍රදායෙන් ඔබ්බට නව රැකියා ක්ෂේත්‍ර සඳහා මග පෙන්වමින් දැනුම සහ අධ්‍යාපන මට්ටම් මත ගොඩනැගුණු රැකියා වෙනුවට ආකල්ප, හැකියා සහ සැඟවුණු දක්‍ෂතාවලට ඉඩක් යන මැයෙන් ‘යූත් ස්පේස් 3.0’ වැඩසටහනේ මෙවරත් අයෝමි විතානගේ, මනුරංග විජේසේකර සහ දනිකි පෙරේරා ඇතුළු ජනප්‍රිය සහ ප්‍රවීණ දේශකයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ දේශනය පැවැත්වේ.
මෙම වැඩසටහනේ පළමු අදියර සාර්ථකව අද (13) අවසන් වූ අතර යූටියුබ් නාලිකාව සහ එහි නිර්මාණය සහ ව්‍යවසායකත්වය යන විෂයන් දෙක යටතේ සිසු සිසුවියන් 5,000 ක පමණ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගියදා උත්සවාකාරයෙන් පැවැති අතර මෙම වැඩසටහන ‘සූම්’ තාක්ෂණය ඔස්සේ දින හතරක් පැවැත්වේ.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යූත් ස්පේස් 3.0’ දෙවැනි අදියර 15 දා ඇරඹේ