(දයාරත්න ඇඹෝගම)
යකල්ල,ගල්කුලම මාර්ගයේ කුට්ටිකුලමදි යතුරු පැදි දෙකක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදි කරුවෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගගෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සිවලාකුලමේ පදිංචිව සිටි නන්දන රත්නායක(31) නැමති අයෙකි.
මියගිය පුද්ගලයා යතුරු පැදියෙන් ගල්කුලම සිට යකල්ල දෙසටත් තුවාල ලැබු පුද්ගලයා යකල්ල දෙස සිට ගල්කුලම දෙසටත් යතුරු පැදියෙන් එමින් සිටියදි කුට්ටිකුලමදි ගැටි ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් පසුව ඔවුන් දෙදෙනාම පයිරමඩුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරැව 31 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇත.
අනතුරින් තුවාල ලැබු සිවලාකුලමේ පදිංචි 27 හැවිරිදි අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපති ඩි.එම්.එස්.ජේ.දිසානායක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යතුරු පැදි අනතුරින් අයෙක් මරුට