IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යතුරු පැදිකරුට කටපුංචා පෙන්නා තර්ජන කළැයි අයෙක් සැකපිට

(කේ බුද්ධික කුමාරසිරි)

කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ වෙළදසැලක් අවහිර කර යතුරු පැදියක් නවත්වා තැබීම සම්බන්ධයෙන් තුවක්කුවක් එල්ල කර මරණ තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

අදාල සැකකරු තම වෙළදසැල ඉදිරිපිට හිස් යෝගට් කෝප්ප ඉවත දමා යතුරු පැදියකින් අවහිර කර තිබීම සම්බන්ධව තමන්ට බැණ වැදී  අනතුරුව සැකකරු විසින් වෙලදසැල තුලින් රැගෙන පැමිණි තුවක්කුවක් හිසට තබා මරණ තර්ජනයක් සිදු කල බව මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවද පොලිසිය පවසයි

ඒ අනුව අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී එම තුවක්කුව වෙලදසැලෙහි තිබූ සෙල්ලම් තුවක්කුවක් බවට අනාවරණය වී ඇති බවත් පොලිසය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය වීර මාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

 



අදහස් (2)

යතුරු පැදිකරුට කටපුංචා පෙන්නා තර්ජන කළැයි අයෙක් සැකපිට

ජයනාත් Friday, 27 December 2024 01:52 PM

කෙහොම වුණත් යතුරු පැදි, ත්‍රිවීලර් ඇතුළු බොහෝ වාහන පාර අයිනේ නතර කරන්නේ අනෙකුත් අය ගැන සැලකීමක් නැතිව. පාර හරස් කරගෙන.. වහාම එය වෙනසක් කළ යුතුයි.

:       1       23

Lalla Saturday, 28 December 2024 10:22 AM

යතුරුපැදිකරු නේද මුලින්ම වරදකරු? සෑම තැනකම අවහිර කරන්නේ ත්‍රී රෝද රථ හෝ යතුරුපැදි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site