IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යතුරුපැදි සොරා කටුනායකදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල  )

රුපියල් කෝටියක් පමණ වටිනා " හොන්ඩා ඩියෝ " වර්ගයේ යතුරු පැදි 15 ක් සොරකම් කර , අලෙවි කර ඇති පුද්ගලයෙකු කටුනායක , වලානගොඩ නේවාසිකාගාරයක සිටියදී කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු විසින් " හොන්ඩා ඩියෝ " වර්ගයේ යතුරු පැදි පමණක් සොරකම් කිරීම විශේෂත්වයක් බව පොලීසිය පවසයි .

ඔහු කුරුණෑගල , පොතුහැර , වරකාපොල , පොල්ගහවෙල , නිට්ටඹුව වැලිවේරිය , වේයන්ගොඩ , පෑලියගොඩ සහ ජා - ඇල යන ප්‍රදේශ වල අනාරක්ෂිතව නවතා ඇති " හොන්ඩා ඩියෝ " වර්ගයේ යතුරු පැදි පමණක් තෝරා ගෙන සොරකම් කර තිබේ .

මෙසේ සොරා ගන්නා ලද යතුරු පැදි නිට්ටඹුව , පස්යාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට , එක යතුරු පැදියක්  රුපියල් 20, 000 ක් වැනි මිළකට අලෙවි කර ඇති බව ද පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදි , කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ සහ කටුනායක පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ , අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තාරක , උප පොලිස් පරීක්ෂක මාරසිංහ පොලිස් සැරයන්වරුන් වන 37371 සුනිල් , 13860 සූරියබණ්ඩාර යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

කටුනායක පොලීසිය මගින් අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා සහ ඔහු විසින් සොරකම් කරන ලද යතුරු පැදි අද(20) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

 



අදහස් (0)

යතුරුපැදි සොරා කටුනායකදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site