(සුමිත් පොතුපිටිය )
මනුෂ්‍ය ඝාතන 8 ට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, පයාගල සහ වරකාගොඩ ප්‍රදේශවල පදිංචි 21, 24, 40 සහ 49 හැවිරිදි පුද්ගලයින් බව පොලීසිය කියයි.
පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මහමග ගමන්ගත් කාන්තාවන් බියගන්වා කොල්ලකන ලද රන්මාල 2 ක් සහ යතුරුපැදි 3 ක් සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය .
පානදුර, කළුතර , හොරණ සහ මතුගම ප්‍රදේශවල කොල්ලකෑම් සිදුකර ඇති බවට හදුනාගෙන ඇති බවත්, යතුරුපැදිවල අංක තහඩු සහ චෑසි අංක ව්‍යාජ ලෙස වෙනස්කර ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යතුරුපැදි-රන්මාල කොල්ල කෑ 4ක් පොලිස් දැලේ
mahinda Friday, 29 April 2022 11:51 AM
කළුතර මාල කඩන කල්ලි නායකයා දැන් පාර්ලිමේන්තුවේ නිසා අනිවාර්යයෙන්ම මේ එයාගේ ගෝලයෝ වෙන්න ඇති.
මහජනතාව Friday, 29 April 2022 02:33 PM
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න..!