IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදියෙන් කුඩු බෙදූ අඹුසැමියන් මාට්ටු

(යොහාන් භාසුර)

විදේශයක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ දැනුම්දීම්ලට අනුව යතුරුපැදියෙන් ගොස් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ අඹුසැමි යුවළක් කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පැවසීය.

යුක්ති මෙහෙයුම්වලට සමගාමීව කළ මෙහෙයුම්වලදී කහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 30 හැවිරිදි සැකකරු හෙරෝයින් ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් විදේශ රටක සිට ජාවාරම්කරුවෙක් ‘වට්ස්ඇප්’ හරහා දැනුම්දෙන ස්ථානවල හෙරොයින් පැකට් තැබීම එම යුවළ ඉටුකර ඇති බවත් පොලිසිය කීය.

දැනුම්දෙන ස්ථානවල සූක්‍ෂම ලෙස මත්ද්‍රවය පැකට් තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කර ඇති බවත් සැකකරුගේ බිරිදගේ නමින් මීරිගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක පවත්වාගෙන යන ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු රුපියල්  15,000 බැගින් බැර කර ඇති අතර සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

යතුරුපැදියෙන් කුඩු බෙදූ අඹුසැමියන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site