IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදියකින් හොර සල්ලි ඇද්ද සරසවි සිසුවා ඇතුළු දෙදෙනෙක් දැලේ

(ඉන්දිකා  රාමනායක)

රුපියල්  5000 නෝට්ටු සහ, රුපියල් 500  ව්‍යාජ නෝට්ටු 277 ක්  යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සරසවි සිසුවකු ඇතුළු දෙදෙනෙකු අලිමංකඩ පොලිස් මාර්ග බාධයේ දී   අද  (4)  පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා සතුව රුපියල් 5000  ව්‍යාජ නෝට්ටු වූ 250 ක් සහ රුපියල්  500  ව්‍යාජ නේට්ටු 27 ක් සොයාගත් බව පොලිසිය කියයි.

යාපනයේ සිට කිළිනොච්චි දෙසට වේගයෙන් ගමන් ගත් යතුරු පැදියක් පොලිස් නිලධාරීන් විසින් අද  පස්වරුවේ සැකපිට නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් දෙදෙනා සතුව තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු  පුදුකුඩුඉරිප්පු දේශීය පදිංචි (24)  සරසවි සිසුවෙක්    බවත්,  සෙසු සැකකරු මිරුසුවිල් ප්‍රදේශය පදිංචි (26) තරුණයෙකු බවත් පොලිසිය පවසයි, 

මොවුන් ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ නිරත වන දෙදෙනෙකු බවත්,  මේවා යාපනයේ සිට  ජාවාරම සඳහා රැගෙන යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට.



අදහස් (1)

යතුරුපැදියකින් හොර සල්ලි ඇද්ද සරසවි සිසුවා ඇතුළු දෙදෙනෙක් දැලේ

Prase Thursday, 04 May 2023 11:52 PM

රට හදන්න අන්තර දරුවන්, රට ගොඩගන්න උපරිම උත්සාහය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site