IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුගයක නිමාව සහ නව යුගයක ඇරැඹුම

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූනග් අද (15) සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස 51 හැවිරිදි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් තේරී පත්වනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉල්ලා අසුවූ පසු තමාගේ කැබිනට්ටුවේ ලී සියෙන් ලූනග් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ඇති බව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් පැවැසුවේය.

ලෝරන්ස් වොන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉගෙනමු ලැබූ ආර්ථික විද්‍යාඥයෙකු වන අතර ඔහු සිංගප්පූරුවේ සිව් වැනි අග්‍රාමාත්‍යවරයාද වනු ඇත.එසේම ඔහු සිංගප්පූරු නගර රාජ්‍ය 1965 වසරේ නිදහස ලැබීමෙන් පසු උපත ලද ප්‍රථම අග්‍රාමාත්‍යවරයාද වේ.වොන්ග් ලී පවුලේ සාමාජිකයෙකු නොවන දෙවන නායකයාද වන අතර ඔහු අද(15) රාත්‍රියේ පැවැත්වෙන උත්සවයකදී සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමට නියමිතය.

ජීවන වියදම, අසමානතාවය සහ සංක්‍රමණ පිළිබඳ ගැටලු වැඩිවෙමින් පවතින අවස්ථාවක නගර රාජ්‍ය බාර ගන්නා වොන්ගේ වාර්ෂික වැටුප ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 16ක් වනු ඇති බව පැවැසෙයි.

අග්‍රාමාත්‍ය ලී ගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වමින් සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ජා ඉයන් චොන්ග් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍ය ලී සිංගප්පූරුව ඉහළටම රැගෙන ආවත් ඔහු දන්නා ලෝකය අවසන් වෙමින් පවතින බැවින් ඉල්ලා අස්වීමට ගත් තීරණය ඉතාමත් සුදුසු තීරණයක් බවයි.

 



අදහස් (4)

යුගයක නිමාව සහ නව යුගයක ඇරැඹුම

SAM Wednesday, 15 May 2024 05:50 PM

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූනග් අගමැතිවරයා සමග සකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන් සහභාගි වී තිබිණි. එම මාධ්‍ය සාකච්ඡාවේදී දේශපාලන, ආර්ථික, ගෝලීය දේශපාලනය, ජනවාර්ගික, විදෙස් සබඳවයන් පමණක් නොව බොහෝ කරුණු පිළිබඳව මාධ්‍ය වේදීන්ට අගමැතිවරයාගෙන් අසන්නට අවස්ථාව ලැබිණි. එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ මාධ්‍ය වේදීන්ගේ හැසිරීම, සහ ප්‍රශ්න කිරීමේ විලාශයන් අධ්‍යයනය කළහොත් ලංකාවේ මාධ්‍ය වේදීන්ට මාධ්‍ය කලාව පිළිබඳව පමණක් නොව මාධ්‍යවේදියකු ගේ හැසිරීම, ප්‍රශ්න කිරීමේ විලාශයන් පිළිබඳවත් යම් දැනුමක් ලබාගැනීමට හැකියාව ඇත...!

:       0       35

පිටරටවැසියා Wednesday, 15 May 2024 05:58 PM

මේ අගමැති වයස 72දී රටේ අනාගතය ගැන හිතලා ඉල්ලා අස්වෙලා තමන්ට වඩා තරුණ නායකත්වයකට රට බාරදෙනවා. ලංකාවේ ගෙදර ඇරපු අය නීති හිඩැස් වලින් රිංගලා පස්ස දොරෙන් ඇවිත්, ඊළඟ වතාවටත් මාන බලනවා.

:       3       32

sirisena Wednesday, 15 May 2024 11:45 PM

මම තරුණයි කියමින් වේදිකාවේ රගපාන තරුණ නායකත්වයකට රට බාරදෙන්න එන්නකිවම ඒ තරුණ නායකයා සැගවුනා,

:       0       6

Perera Wednesday, 15 May 2024 10:58 PM

නොදියුණු රටවල් වල ඔහොම තමයි .ඕකුන් බලයේ එල්ලිලා ඉන්න දන්නේ නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site