IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

රැසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව කියන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට සහාය දුන් හිටපු සාජන් මේජර්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 67 සහ 50 වියේ පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පසුවන හිටපු මේජර් ජෙනරාල්වරයකු සහ හිටපු යුද හමුදා සාජන් මේජර්වරයෙකි.

මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මේජර්වරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට රිමාන්ඩ් භාරයේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි මිනිස් වෙළඳාම්ල ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (3)

යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු

sachith Thursday, 09 May 2024 08:33 AM

තාම රණවිරුවෝ දඩයම් කරනවා කියන සෙට් එක එළි බැහැලා නෑ නේද

:       3       10

පිටිගල මිලානෝ Thursday, 09 May 2024 10:23 AM

කුරුණෑගල කියන්නේ මෝඩ මීහරක් ජීවත් වෙන පළාතක් .හොඳම උදාහරණය නාකි මයිනා ජන්දෙ ඉල්ලන්න කුරුණෑගලම තෝරා ගැනීම, රේන්ද ජොනියා සෑම ඡන්දයකින්ම පාර්ලිමේන්තුවට පැමිණීම.

:       0       4

fairoos Thursday, 09 May 2024 11:15 AM

මිනිස්සු කැමැත්තෙන් ගියානම් මොනවාද තියන ප්‍රශ්න

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site