IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියාවේ සරටොව් නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලකට හානි කරමින් යුක්රේන හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට පිළිතුරු ලෙස මිසයිල 200 ක් සහ ඩ්‍රෝන යොදා ගනිමින් යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව රුසියානු බෝම්බ හෙළීමේ ගුවන් යානාද රුසියාව ගුවන් හමුදාව ගුවන් ගත කර ඇති බවත් ප්‍රහාරයෙන් යුක්රේන ජාතිකයන් පස් දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

රුසියාවේ සරටොව් නගරයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානයක් එම නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස සංකීර්ණයකට කඩා වැටීම හේතුවෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලැබුවේය.

සරටොව් නගරයේ මහල් නිවාස වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන යානයකට ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මකවී පහර දීමත් සමඟ එම යානයේ සුන්බුන් මෙලෙස තට්ටු 38 කින් යුත් මහල් නිවාසයට කඩා වැටුණේය.

ඉන් තුවාල ලැබූ තිදෙනෙකුට එම ස්ථානයේම ප්‍රතිකාර කළත් කාන්තාවගේ තත්වය බරපතළ බව රුසියනු බලධාරීහු ප්‍රකාශ කළහ.

 



අදහස් (0)

යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site