IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර ඇත.

මෙම ප්‍රකාශිකාව නියෝජනය කරන්නේ යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශයයි.

අවශ්‍ය තොරතුරු ලබා දුන් සැණින්, පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙම ප්‍රකාශිකාව, සැබෑ නිල ප්‍රකාශිකාවක ලෙස, යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන්, මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සිදු කරයි.

AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, පරිගණක ආධාරයෙන් නිර්මාණය කළ තැනැත්තියක බැවින් ඕනෑම භාෂාවක් කතා කිරීමට ද ඇයට පුළුවනි. යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වික්ටෝරියා ෂී යනුවෙන් මෙම ප්‍රකාශිකාව නම් කර ඇත.

වික්ටෝරියා ෂී නිර්මාණය කර ඇත්තේ රොසලීන් නෝබ්‍රේ නමැති යුක්රේනයේ ජනප්‍රිය ගායිකාවකගේ රූපය සහ අංග චලනයන් පරිගණකට මුසු කිරීමෙනි.

යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කරන බව දැනගත් පසු ඒ වෙනුවෙන් තම රූපයත්, අංග චලනයත් ලබා දීමට රොසලීන් නෝබේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටිවී.)



අදහස් (0)

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site